Ads 468x60px

.

අහෝ......! ගොසිප් ලංකා නිව්ස්

ලංකාවේ දැනට වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය වන ගොසිප් ලංකා නිව්ස් මිලදී ගැනීමේ තරඟයක් තිබු බව වෙබ් මාධ්‍යකරුවන් දැනසිටි කරුණකි.

වර්තමාන පාලනයේ මාධ්‍ය හිලෑ කරගැනීමේ වැඩපිළිවෙලට මෙතෙක් හසු නොවුයේ වෙබ් මාධ්‍යකරුවන් පමණි.එම් හේතුව නිසාම ලංකා ඉ නිව්ස් වෙබ් අඩවි කාර්යාල වලට ගිනිතැබීම,මුදල් යොදවා අනෙක් වෙබ් අඩවි මිලදී ගැනීම වැනි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක පසුවන බව පෙනෙන්නට ඇත.මේ අතරේ තම මාධ්‍ය ජාලය පුළුල් කරගනිමින් සිටින රාජා මහේන්ද්‍රන් ටිරාන් අලස් මහතාගේ රුපවාහිනී විකාශන බලපත්‍රය මිලදී ගත් මොහොතේ ඔහුගෙන් තව ඉල්ලීමක් කොට ඇත.එනම් ගොසිප් ලංකා වෙබ් අඩවිය තමාට මුදලට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන්ය.
 
අදවනවිට,ගොසිප් ලංකා පලකරන පුවත් අනුව භාරත ලක්ෂ්මන් මහතා මියගිය මොහොතේ ජනාධිපති හැඩූ හැටි කියමින් පලකරන පුවත්ද දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා හා රජය සම්බන්දයෙන් පලකරන හිතෛෂීවන්ත පුවත්ද රජයට අවාසිසහගත නොවන කිසිදු පුවතක් පල නොකිරීමෙන්ද පෙනී යන්නේ ගොසිප් ලංකා වෙබ් අඩවිය තවත් සිරස ටි.වී. පැටවෙකු හෝ ලේක්හවුස් පැටවෙකු වී ඇති බවය.කෙසේ හෝ මෙතෙක් කල් මධ්‍යස්ත තොරතුරු සැපයු ගොසිප් ලංකා නිව්ස් වෙබ් අඩවිය පාඨකයන් රවටා මුදල් ඉදිරියේ මී පැටවෙකු වී ඇත්නම් යථා කාලයේදී පාඨකයන්ම එයට පාඩමක් උගන්වනු නිසැකය.
 
Related Posts with Thumbnails