Ads 468x60px

.

මං මුලා නොවී හරිමග සොයා ගන්නට සැටලයිට් අත්වැලක් - Dialog වෙතින්

මෙරට විශාලතම ජංගම දුරකතන ජාලය වන ඩයලොග් දුරකතන සමාගම විසින් සිය පාරිභෝගිකයින්ට මං මුලා නොවී හරිමග සොයා ගන්නට සැටලයිට් අත්වැලක් සපයා තිබේ.එනම්, සමාගම විසින් මෙරට මං මාවත් හා වැදගත් ස්ථාන සොයාගැනීම සඳහා සිය ග්‍රාහකයින් වෙනුවෙන් සේවාවක් ස්ථාපිත කර තිබෙන අතර චන්ද්‍රිකා තාක්ෂණය මගින් ක්‍රියාත්මක මෙම සේවාව SatNav (Satellite Navigation) යනුවෙන් නම්කර තිබේ.


මෙම පහසුකම ජී.පී.එස්. රිසීවරය සහිත ජංගම දුරකතනයකට ඩවුන්ලෝඩ් කරගත හැකිබවත් දුරකතනයේ එම පහසුකම නොමැති නම් GPS උපකරණයක් මිලදීගත හැකි බවත් ඩයලොග් සමාගම විසින් සඳහන් කර ඇත.

මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, සුපුන් වීරසිංහ පවසන්නේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු-නැගෙනහිර සංචාරක කටයුතු වැඩිවීම හා මාර්ග වැඩිවෙමින් තිබීම හමුවේ එම ප්‍රදේශවල මාර්ග ඇතුළුව මෙරට ඕනෑම ප්‍රදේශයක මාර්ගයක් මෙම සේවාව මගින් පාරිභෝගිකයාට කරදරයකින් තොරව සොයාගැනීමට අවස්ථාව ලැබෙන බවයි.මෙම සේවාවේදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය මගින් හඬ කවන ලද අදාළ තොරතුරු සැපයෙන නිසා වාහනය පදවමින් සිටින විට අදාළ උපකරණය දෙස නොබලා යා යුතු තැන ගැන අවබෝධයක් ලබාගත හැකි බවද සඳහන්ය.

කුඩා නගරවල මාර්ගද ඇතුළත් කර ඇති මෙම සේවාව යටතේ මාර්ග වලට අමතරව ආගමික ස්ථාන, සංචාරක ස්ථාන, මූල්‍ය ආයතන, වාහන අළුත් වැඩියා කිරීමේ ස්ථාන, හදිසි ප්‍රතිකාර ස්ථාන, අවන්හල්, ඇතුළත් වැදගත් ස්ථාන 100,000 කට වැඩි තොරතුරු ඇතුළත් කර තිබෙන බව සමාගම පවසයි.
මෙම සේවාව සපයන අඟල් 3.5 ක තිරයක් සහිත GPS උපකරණයක් රුපියල් 26,990 කටත්, අඟල් 4.3 ක තිරයක් සහිත උපකරණයක් 32,990 කටත්, අඟල් 05 ක තිරයක් සහිත උපකරණයක් රුපියල් 38,990 කටත් ලබාගත හැකි බවත් මේවා සඳහා වසරක වගකීමක් හිමිවන බවත් සමාගම සඳහන් කර ඇත.
 
Related Posts with Thumbnails