Ads 468x60px

.

තරුපහේ හෝටලය යකා නැටු නිසා මගුල අවුල් වෙයි

තම මංගල උත්සවය දිනය උත්සව ශ‍්‍රීයෙන් හා ගරු ගාම්භීරව පැවැත්වීමට නොහැකි වූයේ යැයි පවසමින් නව යුවළක් කොළඹ තරුපහේ හෝටලයකින් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ඊයේ (01) නඩු පැවරීය.

පුද්ගලික බැංකුවක උප සභාපතිවරයෙකු හා ගුවන් සේවිකාවක මෙලෙස නඩු පවරා තිබේ. මංගල සාදයට පැමිණි ඥාති මිත‍්‍රාදීන් උත්සවයේදී බියෙන් හා චකිතයෙන් සිටීම හා ආහාර අනුභව නොකර ආපසු යෑම හේතුවෙන් සිදුවූ අගතියට මේ නඩුව පවරා තිබිණි.මොවුන්ගේ මංගල උත්සවය පැවැති දිනයේදී මනාළ යුවල පැමිණීමෙන් පසුව භෝජන සංග‍්‍රහය සකස් කර තිබූ ස්ථානය ජලයෙන් යටවීම හා අමුත්තෙකුට විදුලිසැර වැදීමත් අයෙකු ලිස්සා වැටීමත් හේතුවෙන් මෙම උත්සවයට පැමිණි පිරිස ආහාර අනුභව නොකර ඉන් පිටව ගොස් තිබේ.

අදාළ හෝටලයේ ශාලාව වෙන්කර ගැනීමට මෙම යුවල විසින් රුපියල් පන්ලක්ෂ විසි අටදහසක් ගෙවා ඇත.
මීට අමතරව ඔවුන්ගේ මංගල දිනය මෝසම් වැසි කාලයේ යෙදී තිබූ බැවින් හෝටලයේ බුමුතුරුණුවලට සිදුවිය හැකි හානි සඳහා රුපියල් දස දහසක අත්තිකාරමක්ගෙවා තිබේ.
 
Related Posts with Thumbnails