Ads 468x60px

.

චාල්ස් කුමරුගේ ක්‍රෙඩිට් කාඞ්පතින් තරුපහේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයක්

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ක්‍රෙඩිට් කාඞ්පතින් කොළඹ තරුපහේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයක් පිළිබඳව වාර්තාවේ.
මෙම උපන්දින උත්සවය සමරා ඇත්තේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ පෞද්ගලික හිතවතෙකු බව කියමින් පම්පෝරි ගසන ‘මිස්ටර් සෙල්ටෙල්’ නම් ද්‍රවිඩ ජාතික කූඨ ව්‍යාපාරිකයෙකි.

මෙම ‘මිස්ටර් සෙල්ටෙල්’ නොදන්නා පුද්ගලයෙකු නැත. ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ පවුලේ උදවිය හැරුනු කොට, ඇමරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා, බි‍්‍රතාන්‍යයේ අගමැති ඬේවිඞ් කැමරන්, එංගලන්ත පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් ‘මිස්ටර් සෙල්ටෙල්’ ගේ ගජ මිතුරන්ය. කරුමය වන්නේ මොවුන් කිසිවෙක් ‘මිස්ටර් සෙල්ටෙල්ව’ නොහැඳිනීමයි.

මේ  ඕනෑම අයෙක්ගේ නේම් කාඞ් සහ ක්‍රෙඩිට් කාඞ් ‘මිස්ටර් සෙල්ටෙල්’ ගේ පසුම්බියේ තිබේ. මෙම ක්‍රෙඩිට් කාඞ් මගින් ‘මිස්ටර් සෙල්ටෙල්’ ශී‍්‍ර ලංකාවේ කැබිනට් ඇමතිවරුන්ට, මේජර් ජනරාල්වරුන්ට, පොලිස් ලොක්කන්ට අත දිගහැර වියදම් කරනු ලබයි. ‘මිස්ටර් සෙල්ටෙල්’ ගේ උපන්දිනය නිසා අපි ඔහුට සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරමු .
 
Related Posts with Thumbnails