Ads 468x60px

.

අපි මාධ්‍යත් සමඟ එකතු වෙලා සටන් කළේ මේ ප්‍රතිඵලය ලබා ගන්නයි - හිරුණිකා


සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන් තමන් ඉතා සතුටු වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසූවාය.ඇය ඒ බව පැවසුවේ, විදේශ ගතව සිට යළි ඊයේ දිවයිනට පැමිණි අවස්ථාවේදීය."මාස එකහමාරක් තිස්සේ අපි මාධ්‍යත් සමඟ එකතු වෙලා සටන් කළේ මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න රජයෙන් හෝ ආයතනවලින් වෙච්ච නැති දෙයක් ඉකුත් 15 වැනිදා අධිකරණයෙන් ඉටු වුණා. ඒක ඉතිහාසයේ නොමැකෙන සළකුණක් මට ඉතාමත් සතුටුයි.

මගේ තාත්තා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කරපු දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගය නිකුත් වුණා. මේ විදියට හැමදාමත් අධිකරණයේ ස්වාධිපත්‍ය රැක ගන්න පුළුවන් නම් ඒක අපි ශ්‍රී ලංකිකයන් විදියට ඉතාමත් සතුටු වෙන්න පුළුවන් කාරණයක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කෙරුණා. දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්න බැහැ කියලා, මොකද මේ ඔහුට එරෙහිව සාක්ෂි නෑ කියලා ඉදිරිපත් වෙලා නැහැ කියලා. ඒ වුනාට ඉතාමත් සතුටුයි අධිකරණය ස්වාධීනව අධිකරණයේ කටයුත්ත කළා මේ ඒ නිසා ඉතාමත් ලොකු සතුටක් තියෙනවා ශ්‍රී ලංකාවේ අධිකරණය ගැන"

මේ අතර තමන්ට සහ දරුවන්ට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වීමට පටන් ගෙන ඇතැයි සදහන් කරමින්, සාහසික අන්දමින් ඝාතනයට ලක්‌වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ කුරුඳුවත්ත පොලිසිය වෙත පෙරේදා (17 ) රාත්‍රි පැමිණිල්ලක්‌ කර තිබේ.දිගින් දිගටම දුරකථනවලින් කතා කරන නාඳුනන පුද්ගලයන් තමන්ටත් තම දියණියට සහ පුත්‍රයාටත් මරණීය තර්ජන එල්ල කරන බව භාරත ලක්‌ෂ්මන් මහතාගේ බිරිඳ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

"උඹේ මිනිහා ගිය දිහාවට උඹවයි ළමයි දෙන්නවයි යවනවා. වැඩිය දඟලන්න එපා. පරිස්‌සමෙන් හිටපල්ලා" යෑයි කියමින් නාඳුනන පුද්ගලයන් මෙසේ තර්ජනය කරන බව භාරත මහතාගේ බිරිඳ කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

භාරත ලක්‌ෂ්මන් මහතා ඝාතනය කළ දිනවල සිටම මේ ආකාරයට ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත දුරකථන මාර්ගවලින් තර්ජන එල්ල වී ඇත. පසුගිය දින කීපයේ දී සිට මෙම තර්ජන එල්ල වීම විශාල වශයෙන් වැඩි වී තිබේ. මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇති අතර තර්ජනාත්මක ඇමතුම් ලැබුණු දුරකථන අංක ඔස්‌සේ සිය පරීක්‌ෂණ කටයුතු මෙහෙයවන බව පොලිසිය පවසයි.
 
Related Posts with Thumbnails