Ads 468x60px

.

සිසුවියන්ගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය දෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් තීරණය කොට ඇත.විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලදී අදිල ජ්‍යෙෂ්ඨ සිසුවියන් තිදෙනා නවක සිසුවියන් දස දෙනෙකුගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇතැයි සඳහන් වේ.මෙලෙස සිසුවියන් නවක වදයට ලක් කරනු විශ්ව විද්‍යාල පාලකවරයාට හසුවී ඇති අතර ඊට අදාල විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව එම සිසුවියන් තිදෙනාට සති පහක පන්ති තහනමක් පැනවීමට තීරණය කර ඇත.
 
Related Posts with Thumbnails