Ads 468x60px

.

මෙරට සංගීත ක්‍ෂේත‍‍්‍රයේ ප‍්‍රබුද්ධයෝ යැයි කියන අය මට කිසිම තැනක් දීල නෑ - ඉරාජ්

මෙරට සංගීත ක්‍ෂේත‍‍්‍රයේ සිටින ප‍‍්‍රබුද්ධ යැයි සඳහන් කරන කිසිදු අයෙකු තමාට තැනක් දී නැතැයි නව පරපුරේ සංගීතකරුවෙකු වන ඉරාජ් වීර රත්න කියයි.ඇමරිකාවේ පැවැතිි හොලිවුඞ් මියුසික් ඉන් මීඩියා එවෝඞ්ස්’ නැමැති සම්මාන උළෙලට ඉරාජ්ගේ නිර්මාණයක් තෝරා ගැනී මෙන් පසුව සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබිණි.මෙම සම් මාන උළෙල පසුගිය 17 වැනිදා  ඇමරිකාවේදී පැවැතිනි.හොලිවුඞ් මියුසික් ඉන් මීඩියා එවෝඞ්ස් කියන සම්මාන උළෙලයි. මෙහිදී සම්මාන දෙන්නේ චිත‍‍්‍රපට, පරිගණක කී‍‍්‍රඩා සඳහා සංගීත නිර්මාණ කරන, චිත‍‍්‍රපට තේමා සඳහා සංගීත නිර්මාණය කරන සහ ඊට අමතරව ඕනෑම සංගීත අංශයක් සඳහා අයදුම් කළ හැකි අංශයක් තිබෙනවා. මම අයදුම් කළේ ඒ අංශයටයි. එහිදී ගීත 4ක් ඉදිරිපත් කළා. ඒ ගීත 4න් 3ක් මෙම අංශයේ සම්මාන ප‍‍්‍රදානයට නිර්දේශ වී තිබෙනවා.
උදරකා ඵමිසජ කියනඅංශයට මම හිතන්නෙ මිලියන ගාණක් නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණා. ලෝකයේම සිටින නිර්මාණකරුවන් කිව්වොත් හරි. එක සම්මානයක් සඳහා මෙතරම් ප‍‍්‍රමාණයක් ඉදිරිපත් වන දැවැන්ත අංශයක්. ඒ අංශයන් එක් එක් නිර්මාණ සඳහා විවිධ නිර්මාණ කර තිබෙනවා.කාලයක් පුරා මම මේ ගැන සොයා සොයා හිටියෙ. පසුගිය දිනවලවිදියට විවිධ තරග අංශ සඳහා නිර්මාණ ඉදිරිපත් කළා. එහිදී එක් අංශයක් සඳහා මගේ නිර්මාණයක් ටොප් ටුවෙන්ටි අතරට තේරී තිබෙනවා. එය ලෝකයේ ජනපි‍‍්‍රය සංගීඥයෙක් සංවිධානය කරන අංශයක්. ඒ විදියට මේ උළෙල සඳහාත් අයදුම් කළා. මෙහිදී ලයන් නේෂන් කියන ගීතය සහ තවත් මියුසික් වීඩියෝ තුනක් ඉදිරිපත් කළා. එයින් නිර්මාණ තුනක් මේ සඳහා නිර්දේශ වී තිබෙනවා.දකුණු ඉන්දියාවට ගිහින් බලන්න. අනිවාර්යෙන්ම මං එහේ රූපවාහිනි චැනලයක ඇති. අනිවාර්යෙන්ම බොලිවුඕ වලට යාවි. ඒ අවස්ථා මට ලැබී තිබෙනවා. ඉදිරිය දිහා අපි බලා ඉදිමු

 
Related Posts with Thumbnails