Ads 468x60px

.

ප්‍රවීණ ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහ වසර පහකට පමණ පසු රංගනයට

වසර ගණනාවකට පසු රවින්ද්‍ර රන්දෙණිය සහ ගීතා කුමාරසිංහ එකම චිත්‍රපටයක....
දන්ත කුමරු ලෙස තරුණ නිරූපන ශිල්පියකු වන හේෂාන් තෝරාගැනේ...

සනත් අබේසේකරගේ දෙවැනි සිනමා නිර්මාණය 'සිරි දළදා ගමනය' මුහුරත් උළෙල පසුගියදා නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේදී පැවැත්විණි.

ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩම කරවීමේ කතා පුවත ඇතුළත් 'සිරි දළදාගමනය' දැවැන්ත සිනමාපටය නිෂ්පාදනය කරනුයේ ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ සහ බෝසත් ලංකා පදනම වෙනුවෙන් අකරවිට සංඝානන්ද හිමියන්ය.


බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක විසින් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන පළමු අවස්‌ථාව ලෙස 'සිරි දළදාගමනය' සිංහල සිනමා වංශ කතාවේ වාර්තාවක්‌ද පිහිටුවයි.


ප්‍රවීණ ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහ වසර පහකට පමණ පසු රංගනයට එක්‌වන්නේද වසර ගණනාවකට පසු රවින්ද්‍ර රන්දෙණිය ප්‍රවීණ ශිල්පියා සහ ගීතා කුමාරසිංහ එකම චිත්‍රපටයක රඟපාන්නේද 'සිරි දළදාගමනය' සමගිනි.

හේමමාලා කුමරිය ලෙස 'මිස්‌ ශ්‍රී ලංකා' කිරුළ දිනාගත් පුෂ්පිකා සඳමාලි ද දන්ත කුමරු ලෙස තරුණ නිරූපන ශිල්පියකු වන හේෂාන් මනුල ද රඟති. ඊට අමතරව දිල්හානි අශෝකමාලා, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, රන්ජන් රාමනායක, බිමල් ජයකොඩි, කුමුදු නිශාන්ත, පියුම් බොතේජු, නිශාන්ත ජයවික්‍රම, ඔස්‌ටින් සමරසිංහ, සිරිල් ධර්මවර්ධන, ශ්‍රීමාල් වෙඩිසිංහ ඇතුළු හාරසියයක්‌ පමණ රඟන 'සිරි දළදාගමනය' චිත්‍රපටයේ "ස්‌වර්ණවාහිනි" නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂ බුද්ධික කුලසේකර ද චරිතයක්‌ නිරූපණය කරයි.

කැමරාව සුමින්ද වීරසිංහ ද විධායක නිෂ්පාදනය නිහාල් සංජයද සංස්‌කරණය රවීන්ද්‍ර ගුරුගේද පසුතල නිර්මාණය වෙලේගෙදර රණසිංහ විසින්ද, ඇඳුම් නිර්මාණය කුමාර කරවිදෙනිය විසින්ද සිදුකරයි. චලින් මනුරංග අබේසිරිවර්ධන සහාය අධ්‍යක්‍ෂණයෙන්ද, වර්ණන් අබේසිංහ, චන්දන ඉරුගල් බණ්‌ඩාර දෙවන සහාය අධ්‍යක්‍ෂණයෙන්ද රැජිණි සෙල්වනායගම් නැටුම් අධ්‍යක්‍ෂණයෙන් හා රංග දසනායක සංගීත අධ්‍යක්‍ෂණයෙන්ද එක්‌වෙති. උරේෂා රවිහාරි ගී ගයන්නේය. 


පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සහ සනත් අබේසේකර ගී පද රචනා කරති. අරුණ ඩයස්‌ කලා අධ්‍යක්‍ෂණය ය. අනුරාධපුරය, තබ්බෝව, මිහින්තලය සහ කොළඹ රූගත කෙරෙන 'සිරි දළදාගමනය' 2013 වෙසක්‌ පෝදාට පසුදා සිට ඊ.ඒ.පී. සිනමා ශාලාවල ප්‍රදර්ශනය සඳහා සැලසුම් කර ඇත.
 
Related Posts with Thumbnails