Ads 468x60px

.

මම කවුරුත් එක්ක රෝයල් හෝටලයේ කාමරයක හිටියේ නෑ – මේතා

දිල්ෂාන් එක්ක ලන්ඩන් වල කැසිනෝ ශාලාවකට ගියා තමයි...
එත් තරග පාවා දුන්නේ නෑ....  
දිල්ෂාන් එක්ක හිතවත් වුනා විතරයි...

කි‍්‍රකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වන අළුත්ම හෙළිදරව්ව වශයෙන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක තිලකරත්න දිල්ෂාන් සහ බොලිවුඩ් නිළියක වන නූපූර් මේතා අතර පැවති සම්බන්ධයක් ගැන කරුණු අනාවරණය වෙයි. 

නූපූර් මාධ්‍යයට පවසා ඇත්තේ, 2009 එංගලන්තයේ පැවති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තමන් දිල්ෂාන් සමග හිතවත් වූ බවයි. 

ඇය මීට පෙර අවස්ථාවකදී ලන්ඩනයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා තිබුණේ, එම තරගාවලිය අතරතුරදී තමාට ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු අහම්බෙන් කැසිනෝ ශාලාවකදී හමුවූ බවටයි.


ඊට පෙර නූපූර් එම පුවත්පතට එරෙහිව නඩු පවරන බවට අනතුරු ඇගවූයේ ඇය තරග පාවාදීමේ සිද්ධීන්ට සම්බන්ධ බව කියමින් එම පුවත්පත ඇයගේ නොපැහැදිළි ඡායාරූපයක් පළ කිරීමෙන් පසුවයි.
නවතම හෙළිදරව්වට අනුව, තමා දිල්ෂාන් සමග ලන්ඩන්හි කැසිනෝ ශාලාවකට ගිය නමුත් තරග පාවාදීමට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇය මුම්බායිහි සිට ‘මේල් ටුඩේ’ වෙත දුරකථනය ඔස්සේ පවසා ඇත.

තම පෞද්ගලික සබඳතා මත එවැනි දරුණු චෝදනාවක් එල්ල කළ නොහැකි බව නූපූර් අවධාරණය කර සිටියාය.එමෙන්ම, එම කැසිනෝව පිහිටා ඇති කෙන්සින්ටන්හි රෝයල් ගාර්ඩන් හෝටලයේ කාමරයක තමන් කිසිවෙකු සමග හෝ නොසිටි බව ඇය කියා තිබේ.

තරගාවලිය අතරතුරදී නූපූර් කිසියම් ව්‍යාපාරිකයෙකු සමග එහි ගතකළ බවත්, ඔහු බුකිකරුවෙකු බවට සැක කළ හැකි බවත් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කොට තිබිණ.කෙසේ වෙතත්, එම හෝටලයේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු නවාතැන් ගෙන සිටි බව තමන් දැනසිටි බව නූපූර් පිළිගෙන ඇත.


 
Related Posts with Thumbnails