Ads 468x60px

.

ජානකීගේ පැනිල්ලට අකමැති අධ්‍යක්‍ෂක

අධ්‍යක්‍ෂවරයාගේ දැඩි අකමැත්ත මත ජානකී අඩි 15ක් පමණ උස බිත්තියකින් පනී...
නාට්‍යයේ වැඩ බකල් වෙයි කියා සංජය බයෙන්....

රූපවාහිනී නිවේදිකාවක් ලෙස ක්ෂේත‍්‍රයට එක්ව වර්තමානයේ නිළයක් හා අධ්‍යක්‍ෂවරියක් ලෙස ජනාදරයට පත්ව සිටින ජානකී විජේරත්නගේ අපූරු පැනිල්ලක් සම්බන්ධයෙන් ක්‍ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.

ජානකී මෙම පැනිල්ල කර ඇත්තේ සැබෑවට වුවද එය නාට්‍යයක දර්ශනයක් වෙනුවෙන් කරන ලද්දක් වීමද විශේෂිතය.


මේ දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය නාට්‍ය අතරට එක්ව තිබෙන සංජය නිර්මාල්ගේ සඳසිත්තම් ටෙලි නාට්‍ය වෙනුවෙන් ඇය මෙම පැනිල්ල සිදුකර තිබේ.ජානකී නොඑසේ නම් එම නාට්‍යයේ වර්ෂා මෙම පැනිල්ල පැන ඇත්තේ එම ටෙලියේ අධ්‍යක්‍ෂවරයාගේ දැඩි අකමැත්ත මත බවද පැවසේ.

ජානකීගේ පැනිලිවලින් ඇයට අනතුරක් සිදුවුවහොත් නාට්‍යයේ වැඩ බකල්වන නිසා සංජය ජානකීගේ පැනිල්ලට අකමැතිවූ බවද වාර්තා වේ.ඇය අදාළ ටෙලිය වෙනුවෙන් එක් අවස්ථාවක අඩි 15ක් පමණ උස බිත්තියකින් ද තවත් අවස්ථාවක අඩි 12ක පමණ ඉනිමගක උඩ සිට බිමිට පණිමින් ද එම චරිතයට සාධාරණයක් කර තිබේ.සඳසිත්තම් හි ජානකී පණපොවන්නේ කෙළිලොල් තරුණියකගේ චරිතයක් සඳහාය.

 
Related Posts with Thumbnails