Ads 468x60px

.

සාරංගයි මායි අතර සම්බන්ධයක් තිබුනා කියල කියන්නත් බැහැ..නෑ කියන්නත් බැහැ - උමාලි

ආදරය ගැන කතාකරන්න මම කැමති නැහැ - උමාලි
ඒක එයාගෙන්ම අහන්න - සාරංග

යොවුන් නළු සාරංග දිසාසේකර හා  උමාලි තිලකරත්න පෙම්වතුන් බව තිරය පිටුපස සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

නමුත් පසුගියදා සති අන්ත පුවත්පතකට ඒ පිළිබඳව ඔවුන් පිළිතුරු දී තිබුනේ එම පෙම් සම්බන්ධතාවය තවදුරටත් තිබේදැයි යන්න සැක මතුකරමින්.



උමාලි ගැන කතා කරන සාරංග
ඔබයි උමාලියි අතර ආදර සම්බන්ධතාවයක් තිබුනද? එකට මොකද උනේ?
මට එකට හරියට උත්තරයක් දෙන්න බැහැ.එයා කිව්වනම් මාත් එක්ක සම්බන්ධයක් තිබ්බ කියල. ඒක එයාගෙන්ම අහන්න

උමාලි ඔබ ගැන මාධ්‍යය හරහා විවිධ ප්‍රකාශ කර තිබෙනවා.ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ?
එයා මං ගැන බලාපොරොත්තු තියන් හිටියට මට වැඩක් නැනේ. කරන්න දෙයක් නෑ.

ඔබ පතපු ආදරය ඔබට ලැබිල තියෙනවද?
එක ගැන කතාකරන්න මම කැමති නැහැ.


සාරංග ගැන කතාකරන උමාලි
ඔබයි සාරංගයි අතර ආදර සම්බන්ධතාවයක් තියෙනවද?
මට ඒ ගැන කියන්න තියෙන්නේ මේකයි.එහෙම දෙයක් තිබුනා කියල කියන්නත් බැහැ..නෑ කියන්නත් බැහැ.

ඔබ හිතපු ආදරය ඔබට ලැබිල තියෙනවද?
ඔව්. මට දැන් ප්‍රේමවන්තයෙක් ඉන්නවා.පහුගිය දේවල් ගැන කතා කරන්නවත් මම කැමති නැහැ

කෙසේ නමුත් පසුගියදා චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනට සහභාගී වූ සාරංග හා උමාලි යුග ගීයක් ගයිමටත් අමතක කලේ නැහැ.
 
Related Posts with Thumbnails