Ads 468x60px

.

හිමි දෙනම ඝාතනය කර ඇත්තේ ඉඩම් නඩුවක තීන්දුවකින් පසුවලු - තවත් වැදගත් සාක්‍ෂි රැසක්

උගුරු දණ්ඩයි බෙල්ලයි පිහියෙන් ඇණලා.... 
බඩේ සෙන්ටි මීටර් 14ක් ගැඹුරට තියුණු කැපුමක්.....



උගුරු දණ්ඩ හා බෙල්ල තියුණු අවියකින් කැපී අභ්‍යන්තර ලේ වහනයෙන් පිටකෝට්ටේ රජමහා විහාරයේ පණ්ඩිත පිටිගල ජිනසිරි (81) හිමියන් අපවත් වූ බව කළුබෝවිල රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය විය.  


ඊයේ (20) රාත‍්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතන සිදුකර තිබිණි. සෙන්ටි මීටර් 14ක් ගැඹුරු තියුණු කැපුමකින් උදරයට වූ තුවාල වලින් බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් අපවත් වූ බව ද එහිදී සඳහන් විය. 



අධිකරණ වෛද්‍ය නිලධාරී පණ්ඩිත සේනාරත්න හා සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී කේ.එම්. මහසෙන් මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූහ.


මේ අතර කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනම ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් සාක්‍ෂියක් වැලිමළුවේ තැබූ සටහනකින් අනාවරණයවී ඇතැයි වාර්තා වේ.


මෙම සටහන එම විහාරස්ථානයට වන්දනා කිරීමට පැමිණි අයෙකු විසින් යොදන්නට ඇතැයි පොලිසිය විශ්වාස කෙරේ.එලෙස සටහන් තබා ඇත්තේ ඝාතනය සිදු කළ බව කියන පුද්ගලයන් පලාගිය බවට සැක කෙරෙන මෝටර් රථයේ අංකය වේ.


කේ.එම් . 5376 ලෙස එම අංකය සටහන්ව තිබේ.
 
අදාල තොරතුරු අනුව ඝාතනයට යොදා ගත් බව කියන මෝටර් රථය සොයාගත් බවද පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු මහරගම සහ මිරිහාන යන ප‍්‍රදේශවලදී අද අත්අඩංගුවට ගත් බවද ඒ මහතා කීය.


පන්සල සම්බන්ධ ඇල්පිටියේ පිටිගල ඉඩම් නඩුවක තීන්දුවකින් පසුව හිමි දෙනම ඝාතනයට ලක්වී ඇතැයි ද ප්‍රබල පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට යතියි ද දැනගන්නට ඇත.


මේ අතර ත්‍රීවීල් රියදුරන් පවසා සිටින්නේ මෙවැන්නක් .....

ඊයේ දින (20) ලංකාවේ අගනගරය වූ කෝට්ටේ රජමහා විහාරයට වෙත වැන් රථයකින් පැමිණි මිනීමරුවන්   සතර දෙනෙකු විසින් රජමහා විහාරයෙහි නාගසට යාබද දේවාලයෙහි යම් දෙයක් සෙවීමට උත්සහ ගෙන ඇත. 


මේ අතර දිනපතා රාත්‍රියේ සක්මන් භාවනාවෙහි යෙදුනු ජිනසිරි ස්වාමින් වහන්සේ මෙය ඇස ගැටී දේවාලය දෙසට යාමට තැත් කිරීමේදී මිනිමරුවන්ගේ කඩු පහරට ලක්ව මාරාන්තික තුවාල ලැබිය. ඒ සමග ශබ්දය ඇසි එහි පැමිණි ගුණරත්න භික්ෂූන්වහන්සේද මිනිමරුවන්ගේ කඩු පහරට ලක්විය. 


මේ සමග අදෝනාව ඇසි ජනතාව පන්සල දෙසට දිව ඒමත් සමග මිනීමරුවන් පැමිණි වැන් රථයෙන්ම පලාගොස් ඇත. රජමහා විහාරයට යාබද ත්‍රීවීල් රියදුරන් පවසා සිටින්නේ එම වහනය මිරිහාන දෙසට ගමන් කල බවය. 


මොවුන් යුද සන්නද්දව පැමිණියේ රජමහා විහාරයේ තැන්පත්කොට තිබු සුවිශේෂ කෞතුක වස්තුවක් පැහැරගෙන යාමට පැමිණි බවක්ද කියා ජනතාව අතර කුතුහලයක් පැන නැග ඇත. 


මෙම මරණ සහ කොලඹ කෞතුකාගාරය තුල සිදු වූ සොරකම් අතර සමාන සම්බන්දයක් ඇද්ද? යන්න සොයා බැලිය යුතු කාරණයකි. මක් නිසාද යත් බෝවී ඇති බල තණ්හා රෝගය තුල කෙතරම් මිනි මැරුවත් ගැටළුවක් නොවන හෙයිනි.


 



 
Related Posts with Thumbnails