Ads 468x60px

.

සන්ධාන මන්ත්‍රී තවත් පිරිසක් එක්ක තරුණියක් රාත්‍රිය පුරාම දූෂණය කරලා

මන්ත්‍රීල ටික පංකාදු පහයි..
මෙහෙම දේවල් ලංකාවේ වෙනවද.

තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය කළ සන්ධාන පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව රාත්‍රිය පුරාවට දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අංකුඹුර පොලීසිය විසින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරය කරයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තේරීපත්වූ නලින්ද රාජනායක නමැති මන්තී‍්‍රවරයායි.මොවුන් විසින් දහඅට හැවිරිදි තරුණියක් මෙලෙස කෙළෙසා ඇතැයි පැවසේ.සැකපිට අත්අඩංගුවටගෙන ඇති අනෙක් සැකකරු චමීර ජයසංඛ හෙවත් කළු මල්ලි නැමැත්තෙක් බව වාර්තා වේ.

මේ වනවිට අත්අඩංගුවේ සිටින දෙදෙනාගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබේ.තරුණිය විසින් අංකුඹුර පොලිසියට කල පැමිණිල්ලේ දැක්වෙන්නේ 19 වනදා පස්වරුවේ තමන් පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේම නිවෙසකටත් රැගෙන ගොස් තවත් පිරිසක් සමග අතවර කල බවයි.
 
Related Posts with Thumbnails