Ads 468x60px

.

කන්‍යාභාවය අහිමි වූවත් - නැවතත් ඔබ කන්‍යාවියක් බවට

දැන් පෝරුවට නගිනකොට බයේ වෙව්ලන්න ඕන නෑ...
මධුසමයේදී මැරුම්කන්න ඕන නෑ...

ලංකාවේ පිරිමින්ගේ ස්ත්‍රීය සම්බන්ධයෙන් තියෙන චින්තනය හරිම අයහපත්.පිරිමින්ගේ පතිවෘතතාවය මනින්න හොයන්න පුළුවන් ක්‍රමයක් තිබුනානම් මේ තරමට කන්‍යාභාවය හොයන එකක් නැහැ.

ආදරයේ ප්‍රතිපලයක් හෝ වෛරි චේතනාවක් මත බයිස්කල් පැදීම ක්‍රීඩා කිරීම වැනි දේවල් තුලින් පවා යුවතියකගේ කන්‍යාභාවය අහිමි වෙන්න පුළුවන්.ලක්ෂයෙන් එක් කෙනෙකුට විතර උපතින්ම පිහිටන්නේ නැහැ.



නිකමට හිතන්න ලංකාවේ ජනගහනය කොටි දෙකක්. ඒ කියන්නේ දෙසීයකට මේක නෑ කියන එක. ඒ දෙසියම ලිප්ටන් වටරවුමට වෙලා ලෝකෙටම කෑ ගහල කිව්වොත් අපේ පිරිමි මේ කතාව පිළිගනිද? මම කලින් සඳහන් කල කරුණු නිසාවෙන් කන්‍යා භාවය අහිමිවන තරුණියකගේ අනාගතය කඳුලින් නැහැවිය යුතුද? පෝරුවට නගිනකොට බයේ වෙව්ලන්න ඕන. මධුසමයේදී මැරුම්කන්න ඕනද?

මම කරන්නේ එවැනි මානසික රෝගී තත්ත්ව ඇති පිරිමින්ට ප්‍රතිකාර කිරීමයි. සාමන්‍යය කෙනෙකුට කන්‍යායාභාවයක් පරික්ෂා කරන්න බැහැ. එය වෛද්‍යවරයෙකුට පමණයි පුළුවන්. පළමු ලිංගික එක්වීම තුල රුධිර වහනයක් සිදුවේනම් අය කන්‍යාවියක් බවයි සමාජ මතය. මම සිදුකරන්නේ ජාවාරමක් නොවේ. මේ වනවිට සැත්කම් 6000 කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ සියල්ලන් ඇද සතුටින් පවුල් ජිවිත ගතකරනවා.

කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ගෘහ ජීවිතය ආරම්භ කරන්නෙම් වංචාවකින් කියල නොමග යන්න පුළුවන්. බොහෝ පිරිමින් ඇසුරු කර අවසානයේ විවාහ වීමට ප්‍රථම මෙම සැත්කම කරගත හැකි නිසා.
ඔව් එහෙම වෙන්නත් පුළුවන් සියට එකක් දෙකක් විතර. අද ලංකාවේ විවාහ වීමට ප්‍රථම 60% කගේ කන්‍යාභාවය අහිමි වනවා. මම හිතන්නේ නැහැ ඔබ මේ එල්ලකරන චෝදනාව කිසිම කාන්තාවක් කියයි කියල. තරුණිය නැතිවුණා කන්‍යාභාවය පසුව හදාගන්න අරමුනින් සෙල්ලක්කාර ජිවිතයක් ගත කරයි කියල හිතන්න අමාරුයි. 


මොකද මගේ ලඟට ආපු සෑම තරුණියක්ම ඒ සිදුවීම සම්බන්ධයෙන් ජිවිත කාලයේම පසුතැවෙනවා. අතීතයේ වුන වැරැද්දට වර්තමානයේ අනාගතයේ දුක්වෙන්න පසුතැවෙන්න ඕන නැහැ.එක අතකට මම මේ කරන්නේ ලොකු පිනක්.

කොහමද ඔබ පළමු කන්‍යාපටල සැත්කම සඳහා මග පාදාගන්නේ?
මගේ මතකයේ හැටියට 1980 අගභාගයේදී විතර කොළොඹ කුරුදුවත්තේ පදිංචි ප්‍රකෝටිපති තරුණියක් වෛරස උණක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට මා හමුවුනා. ඒ අවස්ථාවේදී අය මගෙන් උදව් ඉල්ලා සිටියා මේ සැත්කම කිරීමට උදව් වන ලෙස. මෙය වෛද්‍ය විද්‍යාවේ පවතින සැත්කමක් වුවත් ලංකාවේ තියෙන සදාචාරාත්මක ගැටළු නිසා සිදුවන්නේ අඩුවෙන්. 


අනෙක් කාරණය රහස්‍ය භාවය 100% තිබිය යුතයි.< සාර්ථක සැත්කමකින් අනතුරුව ඇය එක් දිනක් මා හමුවූ කුඩා පාර්සලයක් තිළිණකොට ගියා. එහි රුපියල් ලක්ෂ 10 ක් තිබුනා. වසර ගණනාවකට පසුව දුරකතනයෙන් ඇය මා අමතා සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන බව කියා සිටියා.

කොහමද මේ සැත්කම සිදු කරන්නේ?
මුලින්ම අවශ්‍යතාවය ඇති තරුණිය මා හමුවී දිනයක් වෙලවක් වෙන්කරගන්නවා. අනතුරුව අදාළ දින විෂබීජ රහිත මනා තත්වපාලනය සහිත ශල්‍යාගාරයක සැත්කම සිදුකරනවා. සැත්කම සිදුකොට දින 18 ක් යන තෙක් ඇය පරිස්සම් විය යුතුයි. විෂබීජ නාශක ඇන්ටි බයෝටික් වැනි දා මෙහිදී අප ඇයට ලබාදෙනවා. යම් හෙයකින් මෙම දින 18 තුල ඇයට ඔසප් වීමක් සිදුවීමට තිබෙනවා නම් ඇය නැවත්වීමට අදාළ බෙහෙත් ලබාදීම සිදුකරනු ලබනවා.

ඔබ ටිෂු කොලයකට පැන්සලෙන් අනින්න. එවිට එය සිදුරු වනවා. හැබැයි කැඩී බිඳී යන්නේ නැහැ. කන්‍යා පටලයත් ඒ වගෙයි. ශල්‍යකර්මයේදී සිදුවන්නේ කන්යාපටලය කැඩී යාමේදී ඉතුරු වූ ඒවා නැවත දියවෙන මැසුම් සහිතව එක් කිරීමයි.

මෙය සිහි නැතිකොට සිදුකිරිමේදී පැය හයක් ගත වනවා. සිහිමුර්ජා නොකොට සිදුකරන්නේ නම් යන්නේ පැය දෙකයි. මා සමග මේ සඳහා හෙදියන් දෙදෙනෙකු සහභාගී වනවා. ඇතැම් අවස්ථාවල මෙම ශල්‍යකර්මය කරගැනීමට තරුණිය පැමිණෙන්නේ මව සමග. එක්කෝ පියා සමග. කලාතුරකින් පෙම්වතා සමග පැමිණි අවස්ථාද තියෙනවා.

ඒ ඔවුන්ගේ ආදරය කරන කාලය තුල මෙය සිදු වුවත් දෙමාපිය ආශිර්වාදය ඔවුන්ට හිමිවී නැහැ. එබැවින් ඇය වෙනත් තරුණයෙකුට විවාහ කරදීමට මෙම සැත්කම කර දෙන පෙම්වතුන්ද සිටිනවා.

නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන සමාජයක්, ලිංගිකත්වය පිලිබඳ බියක් නොමැති සමාජයක්, නොදියුණු සදාචාරාත්මක ගෝත්‍රික මතවාද ස්ථාපිත සමාජයක් පවතින තාක් කාල් හර්මන් රෙපෙයාර් සැත්කම පවතීවි. ඔහු අප සමග අවසන් වශයෙන් ප්‍රකාශ කළා.
 
Related Posts with Thumbnails