Ads 468x60px

.

දේශපාලකයන් මගේ ජීවිතයට මරණීය තර්ජන එල්ල කරනවා - ගීතා

මම මේ ගැන ජනාධිපතිතුමාටවත් කීවේ නැහැ...

රජයේ අමාත්‍යවරයෙකුගෙන්සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් තමන්ට මරණීය තර්ජන තිබෙන බව බෙන්තර ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

‘ඔවුන් මගේ දේශපාලන ගමන අඩාල කිරීමට නොයෙක් අභූත චෝදනා නඟන අතරම විවිධ අපහාස කරනවා. එකම පක්‍ෂයේ අප ප‍්‍රශණ ඇතිකර ගනිමින් ජනතාවට වැරදි ආදර්ශයක් නොදිය යුතුයි කියා මා විශ්වාස කරනවා. 


මම මේ ගැන පක්‍ෂයේ ලේකම් තුමාටවත්, ජනාධිපතිතුමාටවත් කීවේ නැහැ. නමුත් ඔවුන් අවස්ථා කිහිපයකදීම දිගින් දිගටම මගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරන්න සුදානම් වන බව මා නැති තැන්වලදී මෙන්ම මා ඉදිරිපිටදීත් පවසා තිබෙනවා. 

ඒත් මොන මැර බලය ආවත් මම බෙන්තර ඇල්පිටිය ජනතාව අතහැර දේශපාලනයෙන් සමුගන්නේ නැහැ.’ යයිද ඇය කියා සිටී.
 
Related Posts with Thumbnails