Ads 468x60px

.

මට කතා කරනකොට නයනා හරි මැඩම් හරි කියලා කතාකරන්න - නයනා

මාධ්‍යවේදීන් ඔක්කකොම එකයි...
කතා කරන්න දන්නෙ නෑ...

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කුමාරි මාධ්‍යවේදීන් දුරකතනයෙන් කතා කළ යුතු ආකාරය පිළිබඳව ටියුෂන්දීමට පටන්ගෙන තිබේ.

ඇයගේ මෙම ටියුෂන් පන්තියට ඇතුළුවීමේ දුර්ලභ අවස්ථාව උදාකර ගැනීමට අපගේ මාධ්‍යවේදිනියකට ද පසුගියදා හැකි විය.

ගසට පොත්ත සේ කාලාකරුවන් හා මාධ්‍යවේදීන් ඇලී ගැලී ඇති බැවින් මාධ්‍යවේදීන් කලාකරුවන් ආමාන්ත‍්‍රණය කිරීමේදී ‘අයියා’ ‘අක්කා’ ලෙස සුහදව ආමන්ත‍්‍රණය කිරීම සාමාන්‍ය සිරිතකි.


කෙසේවවුද එසේ ආමන්ත‍්‍රණය කිරීම නොරිස්සූ නයනා අප මාධ්‍යවේදිනියට පවසා ඇත්තේ තමා අමන්ත‍්‍රණය කිරීමේදී ‘නයනා’ ලෙස හෝ ‘මැඩම්’ කියා ආමණ්ත‍්‍රණය කරන ලෙසයි.එසේම ඇය ‘මාධ්‍යවේදීන් ඔක්කකොම එකයි. කතා කරන්න දන්නෙ නෑ’ යනුවෙන්ද පවසා තිබේ.

නයනා මෙසේ හදිස්සියේ වෙනස්වූයේ මන්දැයි අප ක්ෂේත‍්‍රයෙන් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ ඇය කළුතර දිස්ති‍්‍රක්කයේ ඇමැතිවරයෙකු හා ව්‍යාපාරිකයෙකු සමග සමීප ඇසුරක් පැවැත්වීම නිසා මේ තත්ත්වය උදාවී ඇති බවයි.

නයනාගේ මෙම ඇසුර නිසා ඇය ඉතා සමීපව ඇසුරු කළ යොවුන් අධ්‍යක්ෂවරයෙකුගේ බිරියක් ද පසුගිය කාලයේදී අමනාප වූ බව පැවසේ.
නයනා කුමාරි මීට වසර විස්සකට උඩදී ඔතෙලෝ වේදිකා නාට්‍යයෙන් රංගනයේ මුලකුර කියවූ අතර ඇය කස්තිරම ටෙලි නාට්‍යයේ ලතාගේ චරිතයෙන් පුංචි තිරයේ දස්කම් පා පේ‍්‍රක්ෂක හිත දිනාගත්තාය.

ඇය පසුගිය කාලයේදී පේ‍්‍රක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්වූයේ චාතුර්යා 1,2, පබා, ගජමන් නෝනා, අසනි වැහි, මං හින්දා හා පබළු වැනි ටෙලිනාට්‍ය නිසාය.නයනාට පාසල් යන වයසේ පුතෙක් සිටින අතර, ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙකි.


ඇය විවාහ වී ඇත්තේ වසර නවයක පමණ ආදර සම්බන්ධයකින් පසුව වන අතර, මොවුන්ගේ දැන හැඳුනුම්කමට අවුරුදු 17 ක් පමණ වන බවත් පැවසේ.
 
Related Posts with Thumbnails