Ads 468x60px

.

උඩත් එකයි බිමත් එකයි

වටිනාකම ඩොලර් 279,000ක්...

මෝටර් රථයක් ලෙස මහාමාර්ග වල යාමටත්, ගුවන්යානයක් ලෙස පියාසර කළ හැකි වන ලෙසත් නිම කර ඇති මෝටර් රථයක් ඇමෙරිකාවේ එළිදක්වා ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු ටෙරෆූජියා සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙන මෙම රථය පසුගියදා පැවති නිව්යෝක් ජාත්‍යන්තර මෝටර් රථ ප‍්‍රදර්ශනයේදී එළිදක්වා ඇත.ට‍්‍රාන්සිෂන් ලෙස නම් කර ඇති රථයේ ආසන දෙකක්, රෝද හතරක් හා ඇකිලිය හැකි පියාපත් දෙකක් ඇත.



මෙය, ඇමෙරිකාවේ මහාමාර්ග වල නීත්‍යානුකූල ලෙස ධාවනය කළ හැකි ප‍්‍රථම ගුවන්යානය බව පැවසේ.මෙම යානය, එරට ෆෙඩරල් ගුවන්ගමන් පාලක මණ්ඩලයේ හා ජාතික මහාමාර්ග ගමනාගමන ආරක්ෂක පාලක මණ්ඩලයේ ආරක්‍ෂක ප‍්‍රමිතීන් වලට අදාලව නිපදවා ඇතැයි ටෙරෆූජියා සමාගම පවසයි.

ඇමෙරිකානු වෙළඳපොලේ මේ සඳහා ඇති වටිනාකම ඩොලර් 279,000ක් බවත් ලබන වසරේදී මෙය වාණිජ මට්ටමකින් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කරන බවත් ටෙරෆූජියා සමාගම වැඩිදුරටත් පවසයි.


 
Related Posts with Thumbnails