Ads 468x60px

.

සරත් ෆොන්සේකා නිදහසින් පසු...

හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහසින් පසු ඔහුගේ තලවතුගොඩ නිවසේදී පවුලේ සාමාජිකයින් සමග රාත්‍රී ආහාරය ගත් අවස්ථාවයි.


මිනිසෙකු ජීවිතය තුළ සංධිස්ථාන, බාධක හමුවීම අහඹුවක් නොවෙයි. එය පොදු යථාර්ථයකි. ඇතැමුන්ට අනුව එය දෛවයයි.වසර දෙකහමාරක් සිරගතව සිටි හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ දින නිදහස ලැබීමෙන් අනතුරුව සවස් කාලයේ තලවතුගොඩ පිහිටි සිය නිවාස කරා ලඟා වුවා.

එහිදී සිය පවුලේ සාමාජිකයන් හා එක්වූ ඔහු පැමිණි සිටි දේශපාලන නායකයන් සමගද සුහුද කතාබහක නිරතවී තිබෙනවා.

තමාගේ සුරතල් බල්ලා බැලීමටද සරත් ෆොන්සේකා මහතා අමතක කොට තිබුනේ නැහැ.අනෝමා ෆොන්සේකා මහත්මිය මෙයට පෙර මාධ්‍යයට පවසා තිබුනේ තමාගේ සැමියාගේ ප්‍රියතම කෑම සාදා දීමට ඔහු නිදහස් වී එනතුරු බලා සිටින බවයි.






 



























 

 




















 
Related Posts with Thumbnails