Ads 468x60px

.

මම එල්ලුවත් මගේ ධෛර්යය නැති කරන්න බැහැ - සරත් ෆොන්සේකා

මගේ ධෛර්ය කවදාවත් කඩා වැටෙන්නේ නෑ...

දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා බොරැල්ලේ බන්ධනාගාරය ඉදිරිපිට දී මහජනතාව අමතමින් ප්‍රකාශ කළේය.

තමනට මෙතෙක් රැකවරණ දුන්තෙක් බන්ධනාගාර නිලධරයන්ට ස්තුති කළ සරත් ෆොන්සේකා මහතා අද පස්වරු  4.45  ට බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරයෙන් එළියට ආවේය. දෑත් ඉහළට ඔසවා වැඩමකර සිටි මහා සංඝයා ඇතුළු පිරිසට ආචාර කළ ෆොන්සේකාට එහි රැස්ව සිටි පිරිස් මල් මාලා පළඳවන්නට පොර කෑහ.

මහා සංඝරත්නය හිර ගෙදර ඉදිරිපිට පාරේදී පිරිත් කියා සෙත් පැතූහ.

මට කළ අසාධාරණයට ජනතාව සාධාරණයක් ඉටු කරාවි. ජනතාවගේ සුසුම්, කඳුළු, දහඩිය සුවඳ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අද සිට ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා. ජනතාව මට දුන් ශක්තිය මට මහත් ශක්තියක් වුණා. එය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. 


මා දේශපාලන වෛරයකට ලක්වී අසාධාරණයකට ලක් වුණා. ඒ අසාධාරණය සාධාරණය කරගන්න මා සමග එක් වන්න. ඒ අසාධාරණය නිසා වසර දෙක හමාරක් ඔබගෙන් ඈත් වී සිටීමට සිදු වුණා. මගේ ජීවිතය තිබෙන තුරු මා ඔබ සමගයි. මා කවදාවත් මට සහාය දුන් අය පාවා දෙන්නේ නෑ. මේ රටට රණවිරුවන් ගෙන දුන් සාමය ඉදිරියට ගෙන ගොස් සාමය සතුට රජයන රටක් බිහි කරන්නට දායක වන්න. 

මගේ ධෛර්ය කවදාවත් කඩා වැටෙන්නේ නෑ. මම එල්ලුවත් මගේ ධෛර්යය නැති කරන්න බැහැ. ඉදිරියේදීත් මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.  බඩගින්න ඉවසාගෙන මට ශක්තිය දුන් මුහුණු කවදාවත් අමතක කරන්නේ නෑ. මා සමග රැඳී සිටින්න කියා මා එයගෙන් ඉල්ලනවා. සියලු ශ්‍රී ලංකා වාසීන්ට, දූදරුවන්ට, යහළු යෙහෙළියන්ට හා අන් සියලු දෙනාට ජයෙන් ජය පතමි.



සුරතලාත් හාම්පුතා ළඟට දුවයි...
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මාස 27 කට පසු අද තලවතුගොඩ සිය ගෙදරට යද්දී පොන්සේකාගේ සුරතලා වූ ජර්ෆි බල්ලා උඩ පැන සිය හාම්පුතාට තම ලෙන්ගතුකම දැක්වීය. කලක් නොදුටු හාම්පුතා දුටු ගමන් බල්ලා බුරමින් ඔහු ඉදිරියට ගොස් ඉදිරිපස ගාත් ඇඟට තැබීය. සරත් ෆොන්සේකා යුද මෙහෙයුම් සඳහා සිතියම් හදද්දී මේ සුරතලා ඔහු ළඟම සිටි බව කියති.





 
Related Posts with Thumbnails