Ads 468x60px

.

සරත් ෆොන්සේකා නිදහස්



UPDATES - 21 May 3.30 pm
දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ...

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා, තමා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස ලබා මීට සුළු වේලාවකට පෙර පිටතට පැමිණියේය. බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙන ෆොන්සේකා මහතා පිළිගැනීම සදහා ඔහුගේ ආධාරකරුවන් සහ සුබපතන්නන් මෙන්ම ඇතැම් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත රැදී සිටියහ.

මෙතෙක් ප්‍රතිකාර ලබමින් පෞද්ගලික රෝහලෙන් අද දහවල් පිටත් වු සරත් ෆොන්සේකා මහතා වැඩිදුර නීති කටයුතු සදහා උපරිමාධිකරණ

සංකීර්ණය වෙත රැගෙන යන ලදී.


සුදුකොඩි සිද්ධියට අදාළව මෙන්ම දෙවැනි යුධ අධිකරණයෙන් ද පනවනු ලැබ තිබූ සිරදඬුවම්වලට එරෙහිව ගොනුකර තිබූ අභියාචන ඉවත් කරගන්නා බවට සරත් ෆොන්සේකාගේ මහතාගේ නීතිඥයින් ගොනු කරන ලද මෝසම් 2ක් එහිදි සැළකිල්ලට ගනු ලැබිණ.


එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටී සොලිස්ටර්ජනරාල් පාලිත ‍ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ අභියචනා ඉවත් කර ගැනීමේ තීන්දුවට විරුද්ධ නොවන බවය.


පසුව අගවිනිසුරු ආචාර්ය ශීරාණි බණ්ඩාරනායක මහත්මිය පෞද්ගලිකවම, සොලිස්ටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේ  අභියාචානා ඉල්ලා අස්කර ගැනිම පිළිබඳව එම අවස්ථාවේදීම අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට දුරකථනයෙන් දැනුම්දෙන ලෙසය.


ඉන් පසු එම කටයුතුවලින් අනතුරුව බන්ධනාගාරයෙන් මුදාහැරිමේ ඉදිරි කටයුතුවලට අදාළව සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබිණ.




UPDATES - 21 May 5.30 pm
මින් ටික වේලාවකට ප්‍රථම සරත් ෆොන්සේකා මහතා විසින් පරෙවියෙකු නිදහස් කල අතර ජනතාව අමතනු ලැබුවා.එහිදී ඔහු කියා සිටියේ තමාට සිදුවූ අසාධාරණයට ජනතාව සාධාරණයක් කරනු ඇති බවයි.

මින් ඉදිරියට ජනතාව වෙනුවෙන් කැපවෙන බවත් වසර දෙකහමාරක් දේශපාලන වෛරයකට පාත්‍ර වුනත් මින් ඉදිරියට ජනතාව දිගින් දිගටම රැඳී සිටින බවත් රටේ දැනට පවතින දුෂණ ක්‍රියාකාරකම් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා.තමාගේ ධෛර්ය කඩා වැටි නොමැති බවද ඔහු ජනතාව හමුවේ පැවසුවා තමා වෙනුවෙන් උදේ සිට රැස්ව සිටි පිරිසට ස්තුති කිරීමටද ඔහු අමතක කලේ නැහැ.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරියට දිවයිනේ විවිවධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් රොක් වී ඇති අතර දේශපාලන නායකයන්ද ආගමික නායකයන්ද ඒ අතර වනවා.ඇතැම් පිරිස් ජාතික ධජ ගෙන පැමිණ ඇති අතර ඇතැම් පිරිස් පරෙවියන් නිදැහැ කිරීමට රැගෙනවිත් තිබෙනවා.

 
මේ අතර සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන නායකයින් විවෘත රථයකින් ගමන් කරමින් සිටිනවා.සරත් ෆොන්සේකා මහතා තව ස්වල්ප වෙලාවකින් ජනතාව ඇමතීමට නියමිතයි.සරත් ෆොන්සේකා මහතා ජනතාව ඇමතීමට සුදානමක් පවතින අතර ඒ සඳහා මෙතෙක් කටයුතු යොදා නැහැ.

නිදහස් ලැබූ සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියත් පිටත රැස්ව සිටින අධික පිරිස හේතුවෙන් නැවත වැලිකඩ බන්ධනාගාරය දෙසට ගොස් ඇත.වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි ඔහු පවසා සිටියේ "මම දැන් නිදහස් මිනිහෙක්" යනුවෙනුයි.


 






 
Related Posts with Thumbnails