Ads 468x60px

.

සරත් ෆොන්සේකා අද නිදහස් කිරීමට නියමිතයි

ඔහු සිටි බන්ධනාගාර කාමරය තීන්ත අලේප කොට මුළුමනින්ම පිළිසකර කරයි...

නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතාගේ  සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් බැවින් ඔහුට රෝහලින් පිටව යාමට වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා  අද (21) පෙරවරුවේ අනුමැතිය ලබාදී ඇත. 


ඒ අනුව තව සුළු මොහොතකින් ඔහුව  යළි වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනයාමට නියමිතය.සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසු ඔහු නිදහස් කිරීමට අදාළ නීතිමය කටයුතු අවසන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුට නිදහස හිමිවනු ඇත.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා අද දිනයේදී නිදහස් කිරීමට නියමිත බව රජය ද පවසයි.ෆොන්සේකා මහතා නවලෝක රෝහලේ සිටියදී ඔහු සිටි බන්ධනාගාර කාමරය තීන්ත අලේප කොට මුළුමනින්ම පිළිසකර කිරීමට බන්ධනාගාර පරිපාලනය කටයුතු කර ඇත.
 
Related Posts with Thumbnails