Ads 468x60px

.

සිකුරු සංක්‍රාන්තිය පෘතුවියේ සිට දැක ගන්නට ලැබෙන අවසාන අවස්ථාව

සූර්යයා මතුපිට හරහා කුඩා කළු තිතක් සේ ගමන් කරයි...

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කරනවා පෘතුවියේ සිට දැක ගන්නට ඔබේ ජීවිත කාලය තුලම ලැබෙන අවසාන අවස්ථාව උදා වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. මේ දුලභ සංසිද්ධිය සිකුරු සංක්‍රාන්තිය ලෙස හඳුන්වන අතර පෘතුවි බටහිර ගෝල වැසියන්ට ජූනි 5 වන දිනත් නැගෙනහිරගෝල වැසියන් වන අපිට ජූනි 6 වන දිනත් මෙය දර්ශනය වීමට නියමිතයි. 


මෙහිදී පෘතුවියේ නිවුන් සොහොයුරිය ලෙස සැලකෙන සිකුරු ග්‍රහලොව සූර්යයා මතුපිට හරහා කුඩා කළු තිතක් සේ ගමන් කරනු දක්නට ලැබෙන අතර මෙම සංසිද්ධිය පුරා පැය 7 ක කාලයක් පුරා දර්ශනය වීමට නියමිතයි.

අවසාන සූර්ය සංක්‍රාන්තිය සිදු වුණේ මීට වසර 8 කට පෙර 2004 වර්ශයේදී වන අතර මෙවර සංක්‍රාන්තියෙන් පසුව ඊළඟ සිකුරු සංක්‍රාන්තිය සිදුවීමට නියමිතව ඇත්තේ 2117 වසරේදීයි. ඒ කියන්නේ සිකුරු සංක්‍රාන්තියක් දැක ගැනීමට ඔබ ජීවිත කාලයේ ලැබෙන අවසන් අවස්ථාවයි ජූනි 6 වනදා එළඹීමට නියමිතව ඇත්තේ.

පෘතුවිය සහ සූර්යයා අතරින් බුධ හෝ සිකුරු වැනි සූර්යයාට ආසන්න ග්‍රහලොවක් ගමන් කිරීමේදී සංක්‍රාන්තියක් ඇති වන අතර මෙවැනි අවස්ථා අතිශය දුලභ වේ. මේ අතරිනුත් සිකුරු සංක්‍රාන්ති අතිශය දුලභ වන අතර දුරේක්ශය සොයාගැනීමෙන් පසුව සූර්ය සංක්‍රාන්තියක් නිරීක්ෂනය කර ඇත්තේ 6 වතාවක් පමණි.

නිරීක්ෂණය කලහැකි ප්‍රදේශසම්පූර්ණ සංක්‍රාන්තිය නැගෙනහිර ආසියාව, නැගෙනහිර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බටහිර පැසිපික් කලාපය, හවායි, ඇලස්කාව, උතුරු කැනඩාව සහ ග්‍රීන්ලන්තයේ බොහෝ කොටස් වලට දර්ශනය වීමට නියමිතයිදකුණු කැනඩාව උතුරු ඇමරිකාවේ දකුණු කොටස් වලට සහ දකුණු ඇමරිකාවේ උතුරු කොටස් වලට ජූනි 5 වනදා හිරු බැසීමේදී මෙය දර්ශනය වේ.

නැගෙනහිර අප්‍රිකාව,මැඩගස්කරය, යුරෝපය, බ්‍රිතාන්‍යය, මැදපෙරදිග කලාපය, බටහිර ආසියාව, දකුණු ආසියාව,තායිලන්තය ඉන්දුනීසියාව සහ බටහිර ඔස්ට්‍රේලියාවට මෙය දර්ශනය වෙන්නේ ජූනි 6 ඉරු උදාවත් සමඟයි.දකුණු ඇමරිකාව,බටහිර අප්‍රිකාව, දකුණු අප්‍රිකාවේ ඇතැම් කොටස් වලට සහ බටහිර යුරෝපයේ ඇතැම් කොටස් වලට සූර්ය සංක්‍රාන්තිය දර්ශනය වන්නේ නැහැ.
 
Related Posts with Thumbnails