Ads 468x60px

.

ෆොන්සේකා නවලෝක රෝහලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට

UPDATES - 21 May 1.30 pm
විශාල පිරිසක් රෝහල අවට...

නවලෝක රෝහලේ සිට සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.

එයින් අනතුරුව ඒ මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිත බව ද සඳහන්ය. සරත් ෆොන්සේකා මහතා සුවය ලබා ඇති බැවින් ඔහුට රෝහලෙන් පිටව යා හැකි බවට අද(21) පෙරවරුවේ වෛද්‍ය උපදෙස් ලැබී තිබිණි.

අද උදෑසන සරත් ෆොන්සේකා මහතා පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට රෝහලෙන් පිටව යා හැකි බව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සඳහන් කළේය. ෆොන්සේකා මහතා රෝහලෙන් පිටව යන බවට ආරංචිය ලැබුණු විශාල පිරිසක් රෝහල අවට රැස්ව සිටි බව ද අද දෙරණ වාර්තාකරු පැවසීය.

සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබා දීම සම්බන්ධයෙන් වූ ලිපි ලේඛන සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 18 වැනිදා අත්සන් තබා තිබුණි. එම ලිපි ලේඛන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා විසින් අද බන්ධනාගාර අමාත්‍යාංශය වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.

ඊට අදාළ නීත්‍යානූකූල කටයුතු නිම වීමෙන් පසු ෆොන්සේකා මහතා නිදහස් කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails