Ads 468x60px

.

ගුරු මාරුව ගැන ප්‍රතිවිරුද්ද මත

ජලය විශාල ප්‍රශ්ණයක් වන කාලයකි. 
බඩු මිළත් විශාල වශයෙන් ඉහල...

දෙවියන්ටත් ගුරු වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මැයි මස 17 වන බ්‍රහස්පතින්දා උදේ 9.35 ට සිකුරු හිමි වෘශභ රාශියට පැමිණේ. ග්‍රහ වලල්ලේ මන්දගාමී ගමනක යෙදෙන ප්‍රධාන දෙවන ග්‍රහයා වන ගුරු, රාශි වළල්ල වටා වරක් ගමන් කිරීමට වසර 12 ක පමණ කාලයක් ගත වේ. එක රාශියක ගමන් කිරීමට වසරක කාලයක් ගත වේ.

2012 මැයි 17 වනදා සිට 2013 මැයි 31 දක්වා ගුරු ගේ වෘශභ රාශි ගමන සිදු වේ. ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ සිව් වැන්නට ගුරු පැමිණීම සිදු වේ. සිව් වැන්නට ගුරු පැමිණෙන විට ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම මේ අයුරු දිස් වේ.

ලග්නය කුම්භ - ලග්නයේ නැප්චූන්, දෙවැන්නේ සඳු යුරේනස්, තුන් වැන්නේ බුද, සිව් වැන්නේ රවි ගුරු සිකුරු කේතු, හත් වැන්නේ කුජ, අටවැන්නේ ශනි, දසවැන්නේ රාහු ගමන් ගනී.

ලංකා කේන්ද්‍රයේ සිව්වැන්න විපක්ෂය නියෝජනය කරයි. රාජ්‍යකාරක රවි ගුරු විපක්ශය නියෝජනය වන ස්තානයේ ය. මේ ගුරු මාරුව නිසා පළමුව විපක්ෂයට අමුතු එලියක් වැටේවි. විපක්ෂයේ ප්‍රගතියට බාධා කරන නායකයන් විසි වී යාවි. නව නායකයන් හා පක්ෂ, පෙරමුණු බිහි වේවි. ඒ නිසා කලකට පසු විපක්ෂය තුළ එක්සත් කමක් ඇතිවේවි.

විපක්ෂයේ ප්‍රභලයෙකුට මාරක හෝ දීර්ඝ කාලීනව විඳවන රෝග හෝ අනතුරු ඇති වේවි. අළුත බිහි වූ පක්ෂයක් රටේ ජනතාව අතර නිතර කතා බහට ලක් වන කරුණු යෙදේවි.

රාජ්‍යකාරක රවි, ගුරු, වෘශභ රාශිගත වීමෙන් තවත් දුර්වල ගමනකට මුල පුරයි. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ දස වැන්නේ රාහු නීච වෙමින් රජය තුල ඇති වන බෙදීම් මේ ගුරු මාරුව නිසා ඉදිරි කාලයේ විශාල වශයෙන් දක්නට ලැබේවි. එකිනෙකට පරස්පර මත ප්‍රකාශ කරන මැති ඇමති ජෝකර් ලා තව තවත් බිහි වේවි. මැති ඇමති ඉල්ලා අස්වීම් වලට මඟ පාදන කාලයකි.

2012 මැතිවරණ නෑ කීවත් ඒ ගැන අසන්න ලැබුනොත් පුදුම විය යුතු නැත. ගුරු වෘශභයේ දී ජනමතය විමසන්න පොළඹවන කාලයකි. මැතිවරණ වලට මොන හේතු නිසා හෝ යන්න සිදුවන වකවානුවකි. රාජ්‍ය බලයට ඇතුළතින්ම විශාල හාස්‍යයක් ඇතිවන කාලයකි. බලවත් අය තන්ට තමන්ම වළවල් කපාගන්නා වර්ශය කි.

සතුරු වෘශභයට ගුරු ගේ පැමිනීම ගුරු මහ දශාවන් ගත කරන ජනපති තුමන්ටත් බලවත් අසීරු ඇති කරයි. හිස රුදාව උතුරා යන ග්‍රහ බලයක් වසර පුරාම පවතී.

කේතු ගුරු සමඟ යෝග්‍ය ඇති බැවින් රට පුරා සුදු කොඩි ඔසවන්න සිදු වන විශේෂ විපතක් ගැන අසන්න ලැබිය හැකි අහිතකර කාලයකි. දුක්බර පුවත් බහුල වසරකි. මැති ඇමතින්ට විපත් බහුල වසරකි. කුජ සිංහයේ සිටියදී ගුරු වෘශභයට පැමිණීම රටේ සාමයට ලොකු පහරක් වන අතර වැඩවර්ජන, පිකටින්මහජනයා නීතිය අතාට ගැනීම් ගැන නිතර අසන්නට ලැබේවි. අධිකරණය ගැන විස්වාශය අඩු වන වකවානුවකි.

ශනිගෙන් නමේ ගුරු ගමන සිදුවන කාලය තුළ යලිත් සරත් ෆොන්සේකා ගැන රට තුල අලුත් කතාබහක් ඇතිවේවි. රට මෙන්ම මෙරටත් ඔහු ගැන කතා කරාවි.

ලග්නයෙන් සිව් වැන්නේ ගුරු ගමන්ගන්නා කාලය පුරාම භාහිර බලපෑම් රටට විශෙෂව දැනේවි. ආර්ථික ප්‍රශ්ණ උග්‍ර වේ. එදාවේල හොයන තැනට බොහෝ දෙනා පත්වන කාල වකවානුවක් වේවි. උෂ්ණ දේශගුණය නිසා වගා කටයුතු වලට බලවත් බාධක ඇති වේ. ආහාර ප්‍රශ්ණ නොසිතූ පරිදි මතු වේ. ජලය විශාල ප්‍රශ්ණයක් වන කාලයකි. බඩු මිළත් විශාල වශයෙන් ඉහල යාවි.

රේවතී නැකතේ සඳු ගමන් ගනිද්දී ගුරු මාරුව සිදු වේ. උගතුන් පවා පොඩි ළමයින් මෙන් කටයුතු කරන්නට පෙළඹේ.

ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආගමික ස්තාන වලට හානි, නිධන් මංකොල්ල, සාහසික මිනී මැරුම් වසර මැද වන විට උග්‍ර වේ.

ශනි තුලාවේ යද්දී ගුරු වෘශභයට පැමිණීමට පවතින තත්වයේ වෙනසක් සිදු වීමට හේතුවන බැවින් මේ වසර රටට, සමජයට, ඔබට පෙරලිකාර එකක් වේවි.

ගුරු සිකුරුගේ රාශියක ගමන ණය වී හෝ ගිතෙක් පැණි කන යුගයක් නිර්මාණය කරන බැවින් තැටිය රත්වන තුරු ජල ක්‍රීඩා කරන කකුළුවන් වැනි මිනිසුන් බහුල කාලයක් වේවි. අනුන්ගේ දුක නොදන්නා, පුද්ගලයන්ට සමාජයෙන් විශාල තර්ජන බලපෙම් ඇතිවන යුගයක ආරම්භයකි මේ.

ගුරු වෘශභයට පැමිණීම අධ්‍යාපන අවුල් අලුතින් බිහි වීමට කරුණක් වේවි. ශිෂ්‍යයන් කුසීත වන වකවානුවකි. සිසුන්ට විපත් කරදර පැමිණේ. උගතුන්ට ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ඇතිවෙයි.

බෝවන රෝග බහුල වන මේ වසරේ වෛද්‍යවරුන්ට තේරුම් ගත නොහැකි අසනීප නිසා බොහෝ දෙනාට විපත් ගෙනදිය හැකිය. සෙංගමාලය බහුල වන ළදරු මරණ අධික වන වකවානුවකි. ජලයෙන් වෑඳෙන අසනීප වලට බොහෝ දෙනා ගොදුරු වේවි.

මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදු වේ. පැවිදි පක්ෂයට බරපතල චෝදනා එල්ලවන වකවානුවකි. සාරධර්ම සෝදාපාළුවට ලක්වන අවාසනාවන්ත කාලයකි.

ගුරු ගේ ශුභපල ලැබීමට රාහු දෙසැම්බර් 23 වනදා වෘශ්චික රාශියෙන් තුලා රාශියට පසුබසින තුරු ඔබට ඉවසීමට සිදු වේ. ලබන වසර මුල පොළවෙන් සම්පත් හිමි වේ. දැනට වඩා මැණික් ලැබෙන කාලයක් වේවි. බොහෝ දෙනා විදේශ ගමන්, විදේශ රැකියා වලට යාවි. නව නිර්මාණ වලට පෙළඹේ. ක්‍රීඩ අංශ වලට යොමු වන අය වැඩි වේ. රාත්‍රී සමාජ ශාලා බහුල වේ. සූදුවට මිනිසුන් පෙළඹෙන පරිසරයක් ඇති වේ. ලබන වසරේ මුල් මාස 6 තුළ ගුරු වෘශභයේ යන යන කාලය අතමිට සරු වන කරුණු යෙදේවි.

උපතේදී ගුරු දුර්වල, මිථුන, තුලා, ධනු ලග්න හිමියන්ට බාධක ඇති කාලයකි. සෙසු ලග්න හිමියන්ට පවතින රටාවේ වෙනසක්, දියුණුවක් වසර අග පවතී. දැහැමිව කටයුතු කර දහමට අනුව දිවි ගෙවීමෙන් ගුරු මාරුවත් යහපත් එකක් කර ගත හැකිය.
 
Related Posts with Thumbnails