Ads 468x60px

.

මට හංගන්න තරම් ප්‍රේම සම්බන්ධයක් නැහැ - අංජුලා

ගණන් කරන්න බැරි තරමට රැවටිලා තියෙනවා...
මේ දවස්වල ගෙදරින් විවහා යෝජනා ගේනවා...
 
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අංජුලා රාජපක්ෂගේ සම වයසේ බොහොමයක් රංගන ශිල්පිනියන් දැන් විවහා වී අවසන්. 
 
එහෙයින් පසුගියදා පුවත්පතක් ඇසු පැනයකට ඇය පිළිතුරු දුන්නේ තමන් අනන්තවත් රැවටිල්ලට ලක්වෙලා තිබෙන බවයි.
 
එහෙයින් මේ දිනවල ඇයට පෙම්වතෙක් නොමැති බවත් ඇය පවසා සිටියා.මේ අංජුලා ගේ අදහස් 

  
අංජුලා කියන්නේ මොන වගේ කෙනෙක්ද ?

තවම මටත් ඒ ගැන හිතාගන්න බැරිවයි ඉන්නේ.ගැහැනියක් තුල ජීවත්වෙන චරිත ගොඩක් තියෙනවා.සමහර වෙලාවට අහිංසකයි.නපුරු වෙන්න ඕනෑ තැන්වල නපුරුයි.ඒ වගේම මොලේ පාවිච්චි කරන්න ඕනෑ තැන්වල මොලේ පාවිච්චි කරන තරුණියක් .මෝඩකම් කරනවා ,රැවටෙනවා ,ඒ හැම එකකම සංකලනයක් කියලයි මට හිතෙන්නේ …



මේ වෙනකොට කී පාරක් රැවටිලා තියෙනවද ?

ගණන් කරන්න බැරි තරමට රැවටිලා තියෙනවා.හැබැයි ඒවයින් ගොඩ ඇවිල්ලත් තියෙනවා.
 
අංජුලා ඇයි ඔයතරම් රැවටෙන්නේ ?

ඕනාවට වැඩිය මිනිස්සු විශ්වාස කරන්න ගියහම එහෙම සිදුවෙනවා ,ඒ වගේම තේරුම් ගන්න බැරි අවස්තාවලදිත් ඒ දේ සිදුවෙනවා..
 
නිලියක් වුනු නිසා රැවටෙනවා කිව්වොත් ?
එහෙම නෑ,නිලියක් වුනත් මම සාමාන්‍ය කෙනෙක්නෙ ,නිලි වෘත්තියයි සාමාන්‍ය ජීවිතයයි වෙනස් ,සාමාන්‍ය ජීවිතයේදී ඕනෑම කෙනෙක් රැවටීමට ලක්වෙනවානේ ..ඉතින් ඒ වගේ අවස්ථා මගේ ජීවිතයේත් තිබුනා..  

අංජුලා හිතනවද ඔයා ලස්සනයි ,දක්ෂයි කියලා ?
ඔව් ,පැහැදිලිවම දක්ෂතාව තිබෙන නිසානේ අපිට වැඩ හම්බවෙන්නේ සම්මානයට පවා පාත්‍ර වෙලා තියෙන්නේ ..මම දන්නවා මම ලස්සනයි කියලා මොකද මනුස්සයෙකුට බලන්න බැරි තරම් අවලස්සන චරිතයක් නෙමෙයි මම …
 


   
ඔය ලස්සන රූපයටත් ආදරය ගලාගෙන එනවා ඇති නේද ?  
කළා ශිල්පිනියක් කියන්නේ හැමවිටම ආදරය ලබන කෙනෙක් ,ප්‍රේක්ෂකයන්ගේ ආදරය මටත් ලැබෙනවා..
 

ආදරවන්තයා ගැන කියන්න අකමැති යි වගේ ?
කියන්න අකැමැතිකමක් නෑ ,බොහොම අසාවෙන් කියනවා කෙනෙක් හිටියනම් ,මේ වෙනකොට එහෙම කෙනෙක් නැහැ ,
   
විවහා වෙන්න අදහසක් නැද්ද ?

විවාහයක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,මේ දවස්වල ගෙදරින් විවහා යෝජනා ගේනවා ,ඒවා ගැන සොයා බලනවා.තව ගෙදර පොඩි වැඩ කටයුතු කිහිපයකුත් තිබෙනවා .ඒවත් කලාට පසුව විවාහය ගැන හිතන්න ඕනේ …
 
ගොඩක් නිලියෝ වගේ අංජුලා ත් ආදරය හංගන කෙනෙක්ද ?

මට හංගන්න තරම් ආදරයක් නෑ ,ගැහැනියකුගේ ජීවිතයකට ,හරි පිරිමියෙකුගේ ආදරයක් ලැබෙනවා නම් ඊට වඩා වැදගත් දෙයක් නැහැ කියලයි මම නම් හිතන්නේ ,එහෙම වටිනා කියන ආදරයක් මටත් තියෙනවා නම් මං මොකටද හංගන්නේ ?
 
ඒ කියන්නේ වටිනා කියන ආදරයක් ලැබිලා නෑ ?

එහෙම නෙමෙයි ,වටිනා කියන ආදරයක් තියෙනවා නම් කිසිම ගැහැනියක් හංගන්නේ නැහැනේ ,කලා ක්ෂේත්‍රය තුලදී එහෙම කරනවා ඇත්තේ තමාට කියලත් පෞද්ගලික ජීවිතයක් ඕනේ නිසානේ .
 
සමහර වෙලාවට ඔය වගේ දේවල් දැනගත්තම කේලාම් කියලා ඕක නැතිකරනවා..අද කාලේ එහෙම වැඩනේ වෙන්නේ .ඒක හින්දා සමහර අය හංගනවා ඇති ..නමුත් මේ වෙලාවේ මට හංගන්න තරම් ප්‍රේම සම්බන්ධයක් නැහැ..
 
 













 
Related Posts with Thumbnails