Ads 468x60px

.

ඊශා ඩියෝල් ජුනි 29 වැනි දින යුග දිවියට...

උත්සවයට සහභාගි වූයේ පවුලේ ඥාතීන් සහ සමීප හිතවතුන් පමනයිලු...

බොලිවුඩයේ ප‍්‍රවීණ නිළි හේමාමාලිනී සහ ධර්මේන්ද්‍රගේ දියණිය වන ඊශා ඩියෝල් ජුනි 29 වැනි දින විවාහ වීමට නියමිත බව වාර්තාවේ.



ඇගේ මනාලයා වන්නේ බන්ද්‍රා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන භරත් තක්හානි ය.පසුගිය පෙබරවාරි 12 වැනිදා ජුහූ හි පැවති හේමාමාලනීගේ නිවසේදී විවාහ ගිවිසගැනීමේ උත්සවය පැවැත්වූ අතර එම අවස්ථාවට සහභාගි වූයේ පවුලේ ඥාතීන් සහ සමීප හිතවතුන් පමණි.

කෙසේ වෙතත් එළඹෙන 29 වැනිදා මෙම විවාහ උත්සවය දේවස්ථානයකදී සිදු කිරීම විශේෂ වේ. ඊශාගේ විවාහ චාරිත‍්‍ර දකුණු ඉන්දීය ක‍්‍රමයට සිදුකිරීමට නියමිත බවද හේමාමාලිනී මාධ්‍ය වෙත පවසා ඇත.

විවාහ චාරිත‍්‍ර දේවස්ථානයේදී පැවැත්වීමෙන් අනතුරුව 30 වැනිදා තරුපහේ හෝටලයකදී විශාල මංගල සාදයක් පැවැත්වීමට නියමිතය.
මේ සඳහා බොලිවුඩයේ සුපිරි තරු මෙන්ම දේශපාලඥයන්ද සහභාගි වනු ඇති බව බොලිවුඞ් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොයි මේරේ දිල් සේ පූචේ චිත‍්‍රපටියෙන් හින්දි රිදී තිරයට පිවිසි ඊශා, යුවා, ධූම්, දස්, ඩාලිං, කෑෂ් හා ටෙල් මී ඕ ක්හුදා ඇතුළු චිත‍්‍රපටි රැසක පෙනී සිටියාය.

 
Related Posts with Thumbnails