Ads 468x60px

.

ඇඟේ කාන්දම් බලය තියෙන පෝල් ඩෙවිඩ්...

මොහුගේ සිරුරේ විශේෂිත කාන්දම් ශක්තියක්...

හැදි, ගෑරප්පු, පිහි වැනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගන්න පුළුවන්...

අවුරුදු 11 වයසැති පෝල් ඩෙවිඩ්  එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.

එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කා
න්දම් ශක්තියක් තිබීමයි. මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි, ගෑරප්පු, පිහි වැනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක. රූපවාහිනී කැමරා ඉදිරියේදීද ඔහු මෙම අසාමාන්‍ය ලක්ෂණය තහවුරු කරයි.

මෙවැනි අසමානතා සහිත දරුවෙක් සර්බියාවෙන්ද වාර්ථා වුනත් ඔහුට හැකියාව තිබුනේ චීනචට්ටි TV රිමෝට් කොන්ට්‍රෝල් ආදිය ශරීරයට ආකර්ශණය කරගැනීමේ හැකියාව පමණි.

මේ පිළිබදව අදහස් දක්වන විද්‍යාඥයින් පවසන්නේ මෙම දරුවන්ගේ සම ඉතා සුමටවීම නිසාත් මෙම ආකර්ශණය කරනවායැයි කියන යකඩ වල ඝර්ෂණය ඉතා අඩු නිසාත් මෙම සිදුවීම දැකිය හැකි බවයි. මීට අමතරව දහඩිය දමන විටකදී ජලයේ ඇති විශේෂ ගුණයක් නිසාද මෙවැන්නක් ඇති වන බවත් ඔවුන් පවසති.

මෙම දරුවන් බෙහෝ විට තම ඇදුම් රහිතව මෙම දස්කම ඉදිරිපත් කරමින් තමන්ට ආකර්ශණ ශක්තියක් ඇතැයි කීම බොරුවක් බවත්  සැබෑ ආකර්ෂණයක් ඇත්නම් ඇදුම් පැලදි අවස්ථාවේදී පවා ආකර්ශණය සිදුවිය යුතු බවත් විද්‍යාඥයින් පවසති.

මීට පිළිතුරු ලෙස මෙම දරුවන්ගේ දෙමාපියන් අන්තර්ජාලයට එක්කල ජායා රූපයේ ආකාරයට ඕනෑම පුද්ගලයෙකුට සිරුරේ රදවාගැනීමක් කළ නොහැකිය.



 
Related Posts with Thumbnails