Ads 468x60px

.

අපේ රටේ මෙලොරහක් නැති ඇමැති...

ඕන දෙයක් මුණටම කියල දානවා...
අද ගෙදර ගියාම මගේ ගෑනි බනින්න පුළුවන්...
 
පසුගියදා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා ඉතා අපුරු ප්‍රකාශයක් කර තිබුනා.
 
ඒ තමන් කරන හැම හොඳ වගේම නරක වැඩ ගැනත් සිය බිරිඳ   වන තේජා වෙල්ගම මහත්මිය සමග කියනා බවයි.
 
කළුතර ව්‍යාපාරික ප්‍රජාව අමතමින් එතුමා මෙම කතාව කල අතර ‘මෙලොරහක් නැති මෙම ඇමැතිකමට තමන් හරි ආදරෙයි ‘යනුවෙන් ද ප්‍රකාශ කර සිටියා.
  
“මං පුද්ගලික අංශයට බොහොම කැමති මිනිහෙක්.ඒ හින්දා හැමතිස්සෙම මම කියන්නේ ආණ්ඩුවයි පුද්ගලික අංශයයි ෆයිට් කරන්න ඕන කියල. මං වෙන අය වගේ කොලේ හංගල යටින් ගහන මිනිහෙක් නෙවෙයි…
 
ඕන දෙයක් මුණටම කියල දානවා.මං කරන හොඳ වැඩ වගේම නරක වැඩ ගැනත් අපේ ගෑනිත් එක්ක කතා කරනවා.මං මේ ඇත්තමයි කියන්නේ.
 
 
මට ප්‍රයිවට් බස් 11 ක්ම තියෙනවා.මෙහෙම කිව්වා කියලා අද ගෙදර ගියාම මගේ ගෑනි බනින්න පුළුවන්.වෙලාවකට හිතෙනවා අපේ ජනාධිපතිතුමා මාව අන්දවන්න බලාගෙන මෙලෝ රහක් නැති ඇමතිකමක් දුන්නවත්ද කියලා..
 
ඒ උනාට මේ මෙලොරහක් නැති ඇමැතිකමට මං හරිම ආදරෙයි. මොකද මම ප්‍රයිවට් බස් කාරයනේ”
 
 
කෙසේවෙතත් ඇමතිවරයා සහ ජනප්‍රිය නිලි නයනා කුමාරි සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කටකතා පැතිර ගිය අතර නයනාගෙන් ඊයේ දිනයේ පුවත්පතක් පැනයක් යොමු කර සිටියේ එම කටකතා පැතිර වූ පුද්ගලයින් ගැන නයනා දන්නා හෙයින් ඔවුන් කවුරුන්ද යනුවෙන් ඉඟියක් හෝ පල කල හැකිද යන්නයි…
 
එත් නයනා කියා සිටියේ ‘නැහැ ඒ සියල්ල වෙලාව ආවම හෙලිකරන්නම් ‘යනුවෙනුයි…
 
Related Posts with Thumbnails