Ads 468x60px

.

උදයන්තිට ආලෝකකරණ ශිල්පියකුගෙන් නොසෑහෙන්න බැනුම්...

අධ්‍යක්‍ෂවරයාගේ මැදිහත්වීමෙන් ගැටුම සමථයකට...

ජනපි‍‍්‍රය ටෙලි නිළි උදයන්ති කුලතුංගට ආලෝකකරණ ශිල්පියකු රූගත කිරීමක් අතරවාරයේ නොසෑහෙන්න බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වේ.



උදයන්ති මෙම අකරතැබ්බයට ලක්වී ඇත්තේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයවන පි‍‍්‍රයන්ත සමරකොන් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘සිරිවාසල’ ටෙලියේ රූපගත කිරීම් අතර වාරයේදී බව පැවසේ.

අදාල ටෙලියේ රූපගත කිරීමකට පෙර මෙම ආලෝක ශිල්පියා උදයන්ති ඊට පෙර සුදානම් කිරීමට සැරසීමේදී උදයන්ති විසින් ඒ සඳහා ඔහුට කාලයක් ලබාදීමට අකමැතිවීම නිසා මෙම ගැටුම ඇතිවී ඇති බවද වාර්තා වේ.

කෙසේවුවද පසුව අධ්‍යක්‍ෂවරයාගේ මැදිහත්වීමෙන් ගැටුම මැඩ පවත්වා ඇති බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails