Ads 468x60px

.

රහස්‌ පොලිසියට වැඩ වරදියි - මිරර් සහ එක්ස් නිව්ස්‌ කෝටි 5 බැගින් වන්දි ඉල්ලයි

රජයේ දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කිරීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ ඇති රටක පුරවැසියකුට අයිතියක් තියෙනවලු...

ලංකා මිරර් සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස්‌ නමැති වෙබ් අඩවි දෙක පවත්වාගෙන ගිය ගොඩ නැඟිල්ලට ඇතුල්වී එහි සේවයේ යෙදී සිටි එක්‌ වෙබ් අඩවියක කර්තෘවරයකු ඇතුළු 7 දෙනෙක්‌ නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මහෙස්‌ත්‍රාත් උසාවිය හමුවට පැමිණවීමට වගකිවයුතු රහස්‌ පොලිස්‌ නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 5 බැගින් වන්දියක්‌ අයකර දෙන්නැයි ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඇතුළු 6 දෙනෙක්‌ ඊයේ (17 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් ගොනු කළහ.


එම සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය විසින් එම වෙබ් අඩවි දෙකේ සේවකයන් කීප දෙනකුට එරෙහිව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පවරනු ලැබූ නඩු දෙකම තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නැතිව අවසන් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කරන ලෙසද පෙත්සම්වලින් ඉල්ලා ඇත.

මංගල සමරවීර මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ එකී ගොඩනැඟිල්ලේ උඩුමහලේ පවත්වාගෙන ගිය "ශ්‍රී ලංකා එක්ස් නිව්ස්‌" වෙබ් අඩවිය එක්‌සත් ජාතික පක්‍ෂයට අයිති බවයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා වන තමා එම වෙබ් අඩවිය පාලනය කළ බවත් එමගින් එජාපයේ දේශපාලන මතවාදයට පක්‌ෂ ප්‍රවෘත්ති පළ කළ අතර රජයේ දූෂණ අක්‍රමිකතා, ඥති සංග්‍රහය හෙළිදරව් කළ බවත් එසේ කිරීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ ඇති රටක පුරවැසියකුට අයිතියත් ඇති බවත් මංගල සමරවීර මහතාගේ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

කැලුම් ශිවන්ත රොද්‍රිගු (ලංකා මිරර් අයිතිකරු හා ප්‍රධාන කර්තෘ), තරිඳු කෞශල්‍ය රාජපක්‍ෂ (ක්‍රිඩා මාධ්‍යවේදී), චන්දිමා ශිරන්තනී මානවඩුගේ, (සහකාර කර්තෘ), අජිත් සෙනවිරත්න (ඡායාරූප ශිල්පී), හිමාෂි කරුණාරත්න (කර්තෘ ක්‍රීඩා) සහ අර්. වී. ප්‍රේමවතී (කාර්යාල කාර්ය සහායක) සෙසු පෙත්සම්කරුවෝ වෙති.
 
Related Posts with Thumbnails