Ads 468x60px

.

ගුවන් හමුදාවේ ස්ථාන මාරුවක් අවලංගු කරන්න නාමල් නමින් හමුදාපතිට ඇමතුමක්..

හලෝ… මම නාමල් රාජපක්‍ෂ’ ගුවන් හමුදාපතිට ඇමතුමක්...

වින්ග් කොමාන්ඩර්ගේ ස්ථාන මාරුව අවලංගු කරන්න...

මීට මාස අටකට පමණ පෙර ලැබුණු  ඇමතුමක්...

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් දී ගුවන් හමුදාවේ වින්ග් කොමාන්ඩර්වරයෙකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන්නැයි කී ගුවන් හමුදා වින්ග් කොමාන්ඩර්වරයකු ඇතුලු දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ටාශයේ විශේෂ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


එම ඇමතුම මීට මාස අටකට පමණ පෙර ලැබී ඇති එකකි. ඒ පිළිබද සැක සිතූ ගුවන් හමුදාපතිවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇමතුමක් ගෙන පරික්ෂා කර බලා තිබේ.

ස්ථාන මාරුවක් අවලංගු කිරීමේ ඇමතුමක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ලැබී නැතැයි පැහැදිලි කරගත් ගුවන් හමුදාපතිවරයා ව්‍යාජ ඇමතුම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අපරාධ විමර්ෂණ කොට්ටාශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පරීකෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ටාශය ඇමතුම දුන් පුද්ගලයා සහ ඊට අනුබල දුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා කොළඹ මහෙස්ත්‍ර‍ාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදා හැර තිබේ.
 
Related Posts with Thumbnails