Ads 468x60px

.

තංගල්ලේ දූෂණයට ලක්‌ වූ දැරියගේ බාල සොයුරියන් දෙදෙනා මේ දක්‌වා පාසල් ගිහින් නෑ

කුරුඳු කැලෑවක්‌ මැදින් ගමන් කරන්න ඕනෑ...

තංගල්ලේදී විසිදෙදෙනකු විසින් දූෂණයට ලක්‌ කළ බව කියන දාහතර හැවිරිදි දැරියගේ බාල සොයුරියන් දෙදෙනාට ඇති වී තිබෙන භීතිය හමුවේ ඉකුත් ජුනි 6 වැනිදා සිට මේ දක්‌වා පාසල් නොගිය බව එම පවුලේ ඥතියෙක්‌ පවසනවා.

සිය සොයුරියට සිදුවූ අපරාධය දැනගැනීමෙන් ඇති වී තිබෙන කම්පනය හමුවේ පාසල් ගමනේදී කුරුඳු කැලෑවක්‌ මැදින් ගමන් කිරීමට තිබීම නිසා භීතියට පත්ව එම දැරියන් දෙදෙනා මෙසේ පාසල් නොයන බවද පැවසේ.

සිය බාල දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ වනවිට ඔවුන්ගේ පියා දරුවන් අධ්‍යාපනය ලබන පාසලට නුදුරු ස්‌ථානයකින් කුලී නිවසක්‌ සොයමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර දූෂණයට ලක්‌වූ බව කියන දැරියගේ පවුලේ අයට එම දැරිය මුලින්ම දූෂණයට ලක්‌ කළ බව කියන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනුර නමැත්තාගේ පවුලේ අයගෙන් දැඩි ලෙස තර්ජන එල්ල වී තිබේ.

ඔවුන්ගේ නිවසට ආසන්න නිවසක ජීවත් වන අනුර නමැත්තා දූෂණයට ගොදුරු වූ බව කියන දැරියගේ වැඩිමහල් සොයුරියවද දූෂණය කිරීම පිළිබඳ චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ සිටින අතර ඔවුගේ බිරිඳ සහ මව විසින් තමන්ට දිගින් දිගටම තර්ජනය කරන බව පවසමින් දූෂණයට ලක්‌වූ බව කියන දැරියගේ මව්පියන් පොලිසියට පැමිණිල්ලක්‌ද කර ඇත.
 
Related Posts with Thumbnails