Ads 468x60px

.

වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි...

පුවත් වෙබ් අඩවි අලුතෙන් ලියාපදිංචි කිරීම සඳහා රු.ලක්ෂයක මුදලක්...
එසේම ලියාපදිංචිය වාර්ෂිකව යාවත්කාලීන කිරීම සඳහා රු.50,000 බැගින්...

මෙරට මෙතෙක් ක‍්‍රියාත්මක වූ පුවත්පත් පනත සංශෝධනය කරමින්, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රඹුක්වැල්ල මහතා පවසයි.

අද(12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති සියලූම වෙබ් අඩවි යලි ලියාපදිංචි කිරීමට තීරණය වී ඇත.

පුවත් වෙබ් අඩවි අලුතෙන් ලියාපදිංචි කිරීම සඳහා රු.ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බවත්,  එසේම ලියාපදිංචිය වාර්ෂිකව යාවත්කාලීන කිරීම සඳහා රු.50,000 බැගින් ගෙවිය යුතු බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
Related Posts with Thumbnails