Ads 468x60px

.

සොරකම නීතිගත කළ රාජ්‍යක්...

ශ්‍රී ලංකාව සොරකම   නීතිගත කළ රාජ්‍යක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. මෙම දේශයේ ඉහල සිට පහලට හොරකම, වංචාව , අල්ලස දුෂණය පැතිරී තිබේ. නමුත් ඉඳහිට ආත්ම දෝෂාරෝපණයෙන් මිදීමට සොරකමක්, වංචාවක් , අල්ලසක් ගත් අයෙකුව දඬු කඳේ  ගසයි.

 දේශපාලකයන් හොරකම් කරන්නේ බිලියන සහ මිලියන ගණන්   වලිනි. ඊට පහලින් සිටින උසස් නිලධාරීන් හොරකම් කරන්නේ  ලක්ෂ  ගණන් වලිනි. පරිපාලන ජලයේ පහළින්ම සිටින  කාර්යාල කාර්ය සහයකයන් රුපියල් දෙතුන්සියයේ හොරකම් අල්ලස් දුෂණයේ යෙදෙති.

අතීතයේ සොරකම දුෂණය ගැන   මිනිසුන් තුල බියක් සහ ලැජ්ජාවක් තිබුණි. අල්ලසේ සහ දුෂණයේ යෙදුනු විට පවුල්  පිටින් අවමානයේ ගිලිහි ගිය හැටි  අඹ යාලුවෝ නව කථාව කියවීමෙන් අවබෝධ කර ගත හැක. නමුත් අද   ඉහල සමාජයේද අල්ලස දුෂණයට බියක් හෝ ලැජ්ජාවක් නැත. 


ලංකාවේ වර්තමාන අගවිනිසුරුවරියගේ සැමියා බැංකු මුල්‍ය  වංචාකරුවෙකි. මහා බැංකුවේ අධිපති ආර්ථික ඝාතක  කබ්රාල්තුමා අභිරහස් එකඟතාවක්  මත ග්‍රීසියේ පාඩු ලබන බැංකුවක ලංකාවේ ජනතාවගේ මුදල් තැන්පත් කළේය. පාඩුව සිදු වුයේ ජනතාවටය කොමිස් ලැබුවේ කවුද යන්න ප්‍රශ්නාර්ථයකි. 

හෙජින් ගනුදෙනුවේ පාඩුව පොදු ජනයාටය , මුල්‍ය වංචාවෙන් ලැබූ කොමිස් අහවලුන්ගේ සාක්කුවටය. අද මේ රටේ අවංකව ගෞරවනීය ලෙස ජිවත්වන්නවුන් ඉතා හිඟය. එසේ අවංකව ගෞරවනීය ලෙස ජිවත් වීම සමහර  විට මෝඩකමක් ලෙසටද සමාජය විසින් සලකනු ලබයි.

ජනතාවද හොරුන්ට ගරු බුහුමන් දක්වන්නට මැළි නොවෙති. මේ නිසා ශ්‍රී ලංකාව සොරකම   වංචාව  දුෂණය නීතිගත කළ රාජ්‍යක් ලෙස සැලකීම වඩාත් උචිතය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails