Ads 468x60px

.

සල්ලි ගසා කන ජාවාරමක්...

අපගේ ආදරණීය හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් පාඨකයෙක් ඊ මේලයක් මගින් පහත සඳහන් ලිපිය දකුණු කොරියාවේ සිට අප වෙත ඒවා තිබෙනවා.එය ඒ අකාරයෙන්ම අප මෙහි පලකරන මුත් එහි වගකීම අප සතු නොවන බව කරුණාවෙන් සලකන්න.


ලංකාවේ සිට කීයක් හරි හරිහම්බ කරගන්න විදේශගත වන අහිංසක මිනිස්සුන් ගුරුකම් හොරුන්ට බිලි දෙන www.tharunaya.co.uk/  පිලිබඳ හෙළිදරව් කරන්න ප්‍රමාද මොකද? මේ අඩවිය හරහා ගුරුකම් හොරු විශාල ප්‍රමාණයක් ලෝකෙට ප්‍රසිද්ද කරනවා. ඒ වගේම මේ හරහා සල්ලි නැති කරගෙන අන්ත අසරණ තත්වයට පත් උණු අය අනන්තයි.

ලංකාවේදී අසරණ උනොත් කව්රු හරි ඉදිවී. ඒත් විදේශයක දී අසරණ වූවහොත් වතුර පොදක් දෙන්න කෙනෙක් නෑ. එය විදෙශ ගත වූවෙක් හොද හැටි දන්නා කාරණයක්. www.tharunaya.co.uk/ කියන මේ මිනිස්සු කිසිම සෙවිල්ලකින් තොරව මේ ගුරුකම් හොරු දැන්වීම් මගින් ලෝකෙට ප්‍රසිද්ද කරනවා.

මේ ගැන හොයන්න බලන්න කව්රුත් නෑ. ඔබතුමන්ලා මේ ගැන ටිකක් හොයලා බලන්න. හොයල බැලුවොත් මේ හරහා මිනිස්සුන්ට වෙන හානියේ තරම තේරේවි. ලංකාවට දැනට විදේශ විනිමය එන ප්‍රධාන මාර්ගය අහිසක විදේශ ශ්‍ර
මිකයන් උපයන මුදල බවට පත්වී තිබෙනවා. මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් හොරුන්ට තක්කඩින්ට හුරන්කන්න තව දුරටත් ඉඩදිය හැකිද? ඔබේ මාධ්‍ය වගකීම ඉෂ්ඨ කරන්න. මේ ගැන ලොවට හෙළි කරන්න.

මෙහි එන ගුරුකම් හොරු ගැන සොයා බලා ඉදියේදී අප එය පළකරන්නෙමු.

නිර්මාල් රෝහිත,
දකුණු කොරියාව.
 
Related Posts with Thumbnails