Ads 468x60px

.

මාලක සිල්වා ජයික්හිල්ටන් හෝටලයට ගිහින් බුද්ධි අංශයේ මේජර්වරයකුට පහර දීලා...

සිදු වූ තුවාල හේතුවෙන් සැත්කමකට භාජනය කිරිමට නියමිතයි...

මේජර් වරයා සතුවූ පිස්තෝලයද මාලක සිල්වා විස්න් පැහැරගන ගිහින්...

පනාගොඩ යුධ හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන ශ්‍රී ප්‍රදීප්අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍ය මනෝ විජේරත්නගේ පුත්‍රයකු ඇතුළු පස් දෙනෙක් විසින් අද අළුයම යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දී තිබෙනවා. මේ වනවිට හිසට සිදු වූ තුවාල හේතුවෙන් සැත්කමකට භාජනය කිරිම සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම පහරදීම සිදු වී ඇත්තේ ජයික්හිල්ටන් හෝටලයට

අයත් රථ ගාලේදී වන අතර මේජර්වරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පහරදීමෙන් අනතුරුව මේජර් වරයා සතුවූ පිස්තෝලයද මාලක සිල්වා විස්න් පැහැරගන ගොස් තිබෙනවා. 2007 වසරේදී රාත්‍රී සමාජශාලාවක් තුලදී ගණකාධිකාරීවරයෙකුට පහරදීම නිසා අධිකරණය විසින් මාස කිහිපයකට මාලක සිල්වාට සමාජ ශාලාවලට යෑම වලක්වා තිබුනා.

මෙයට පෙරදී අප විසින් හෙලිකල පරිදි මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා එක්ස්ටසි නම් මත් ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරය පවත්වාගෙන යන අතර කොළඹ තරු පහේ හෝටල්වල සති අන්තයේ පවත්වන ඩිස්කෝ නැටුම්හල්වල එක්ස්ටසි වෙළඳාම ජයටම සිදුවේ.

ලක්ෂ 400ක මෝටර් රථයක් පාවිච්චි කරන ඔහු රුසියානු ගනිකාවන් සඳහා ඔහු මහත් ලොල් කමක් දක්වන අතර මර්වින් සිල්වාගෙන් පසු කැළනිය ආසනය බාරගැනීමටද නියමිතයි. මෙම සිදුවීමෙන් පසුව මාලක සිල්වා තවමත් අත් අඩංගුවට ගෙන නැහැ.







 
Related Posts with Thumbnails