Ads 468x60px

.

අසභ්‍ය වීඩියෝවක් නිසා මංත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි.

අන්තර්ජාලයට එම වීඩියෝව එක් වීමට පෙර 6,500ක ජනතාවක් එය නරඹලා...

ඇය විසින් පැමිණිලි කිරීම නිසා වෙබ් අඩවි කිහිපයකින්ම එම වීඩියෝව ඉවත් කරලා...

ස්පාඥ්ඤයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන ඔල්විඩෝ හෝමිගෝස් පෙරේදා සිය මංත්‍රීධූරයෙන් ඉවත් වුණා. ඒ ඇයගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම නිසයි.

අන්තර්ජාලයට එම වීඩියෝව එක් වීමට පෙර 6,500ක් පමණ ජනතාවක් අතර එය හුවමාරුවී තිබෙන අතර පසුව අන්තර් ජාලයට එක්වීමෙන් පසුව ඇය විසින් පැමිණිලි කිරීම නිසා වෙබ් අඩවි කිහිපයකින්ම එම වීඩියෝව ඉවත් කර තිබුණා.

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ මංත්‍රීවරයෙක් වූ අභිෂේක් මනු සිංවි හට සිය තනතුර අත හැරීමට සිදු වුනේ කාන්තාවක් හා අසභ්‍ය ලෙස හැසිරෙන වීඩියෝවක් මාධ්‍ය මඟින් හෙළිකිරීම නිසා ය.


2010 වසරේ තුර්කියේ විරුද්ධ පක්ෂයේ මංත්‍රීවරයෙක් වූ ඩෙනිස් බේකල් ද සිය තනතුර අතහැරියේ එලෙසම වූ වීඩියෝවක් නිසා.පසුව 2011 වසරේදී තුර්කියේ දේශපාලඥයන් 10 දෙනෙක්ට සිය තනතුරු අත හරින්නට සිදුවුනේ එක්තරා පාටියකදී ගත් මේ ආකාරයේ වීඩියෝවක් මාධ්‍ය මඟින් හෙළිකිරීම නිසා නිසා ය.



 
Related Posts with Thumbnails