Ads 468x60px

.

ඔය සම්මාන ගත්ත කිසි කෙනෙක් මම තරම් ජනප්‍රිය නැහැ - කමල් අද්දරආරච්චි

සමහරු මාව පාවිච්චි කරලා තමන්ගේ අසහනය පිටකර ගත්තා...

මේ වැඩේ කළේ කාන්තාවන්ගේ ආකර්ෂණය නැති, බෙලහීනකමක් තියෙන පිරිසක් තමයි...

වසර අටක නිහැඬියාවකින් පසු කමල් අද්දර ආරච්චි යළි රිදී තිරයේ ජීවමාන වේ. ඒ ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණය කළ COLOUR චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරමිනි. 

රංගන පෞරුෂය සිය නිරෑපණ දිවියේ මහා පොදු සාධකය බවට පත් කරගත් කමල්, මෙකී චරිතය හරහා ද අපට එය තහවුරු කර තිබේ.මේ කමල්, කාලෙකට පසු ඔහු පිළිබඳ මෙන්ම ඔහුගේ කලා දිවිය පිළිබඳව ද පුවත් මවන්නෙක් බවට පත් වුනා.මේ ඒ පිලිබඳව ඔහු සති අන්ත පුවත්පතකට කරුණු පැහැදිලි කලා.


පහුගිය දිනවල ඔබේ මේ කලා කටයුතුවලට වඩා මාධ්‍යය මගින් ප්‍රචාරය වුණේ එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන?
ඔව්, ඒක මුළු රටම දන්නවා.

ඇයි එහෙම පුවත් මවන්නෙක් වුණේ?
මම එහෙම පුවත් මවන්නෙක් නෙවෙයි. ඒ වෙලාවේ සමහරු මාව පාවිච්චි කරලා තමන්ගේ අසහනය පිටකර ගත්තා. මම හොඳ සනීපෙට ඉන්නවා දකිනකොට
ඒ අයට ඒක දිරවන්නේ නෑ. පවුල් ජීවිතයේ නොයෙක් ප්‍රශ්න තියෙන, සමහර විට කාන්තාවන්ගේ ආකර්ෂණය නැති, මොනවා හරි බෙලහීනකමක් තියෙන පිරිසක් තමයි මේ වැඩේ කළේ.

ඔවුන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් ද?
නෑ . . . මම හිතන්නේ ඔවුන් කලා ක්ෂේත්‍රයේ අය වෙන්න බෑ. ඒ අය වෙනම ස්පිරිතාලෙක ඉන්න ඕනෑ පිරිසක්. ඒත් ඔවුන් නිදැල්ලේ ඉඳගෙන මෙවැනි විකාර වැඩ කරනවා. නමුත් මොලේ තියෙන අයට තේරෙනවා හරි, වැරැද්ද මොකක් ද කියලා. මට දුක සමහර මාධ්‍යයත් මේවට අහුවුණ එක සහ අනුබල දුන්න එකයි.

ඒත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ කියනවනේ . . .?
පොතේ එහෙම තිබුණට දුමක් නැතුවත් ගින්නක් ඇති වෙන්න පුළුවන්නේ. දැන් ලයිටර් එකක් පත්තු කරලා බලන්න. දුමක් තියනවද . . . නෑ . . . හැබැයි ගින්දර තියෙනවා. මේකත් එහෙම දුමක් නොදාම ආපු ගින්දරක්. ඒකට මම මොනවා කරන්නද? 

කොටින්ම මම වරදක් කළා නම් ඒකට දඬුවම් ලැබෙන්න ඕනෑ නීතියෙන්නේ. ඒත් මේ වෙනතුරු කිසිම පොලීසියකින් අඩුම තරමේ මගේ කට උත්තරයක්වත් අරගෙන නෑ. ඉතින් නැති ප්‍රශ්නයක් පස්සේ මම එලවන්නේ මොකටද?

එහෙනම් ඒක කමල්ට අටවපු උගුලක්?
උගුලක් නෙවේ, මර උගුලක්.

උගුල අටවපු අයට මොනවද කියන්න තියෙන්නේ?
කොච්චර උත්සාහ කළත් රබර් බෝලයක් මුළු ජීවිත කාලය පුරාම වතුර යට ඔබාගෙන ඉන්න බෑ. කවුරු හරි එහෙම කරනවා නම් ජීවිත කාලෙම බෝලෙ අල්ලගෙන ඉන්න වෙයි. හැබැයි ඉතින් එයාලා මේ ඇල්ලුවේ වෙනින් බෝලයක්.

මේ ප්‍රශ්නය නිසා ඔබේ පවුලේ සමීපතමයන්, හිතවතුන් පවා කනස්සල්ලට, අපහසුතාවයට පත්වුණා?
ඔවුන්ට යම් මානසක තැවුලක් වුණා තමයි. ඒත් ඒ අය දන්නවා මට එහෙම දෙයක් කරන්න ඕනෑ නෑ කියලා. එහෙම සල්ලි හොයන්න ඕනෑකම තිබුණා නම් මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ඒ කාලේම රඟපානවා. මගේ බිරිය අනුරානි, මව, සොයුරිය මේ හැමෝම දන්නවා මම නිදොස් බව. ඒ ඇති . . .

කමල්, චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් නෑ?
අධ්‍යක්ෂණය පැත්තට නුදුරු දිනයකම පිවිසෙනවා. එතකොට මා ගැන මීට වඩා හොඳ හෙඩ් ලයින්ස් දාන්න වෙයි.
 
Related Posts with Thumbnails