Ads 468x60px

.

දියමන්තිය ගිල්ල චව්චෑන්ගේ ජීවිතය අනතුරේ...

දියමන්ති දැන් කුඩා බඩවැලේ...

කුසෙන් එම දියමන්තිය ගැනීමේ දිගු මෙහෙයුමක්...

රුපියල් ලක්ෂ 14ක් වටිනා දියමන්ති කැටය ගිල්ල‘චව්චෑන්’ නැමැති චීන ජාතිකයාගේ කුසෙන් එම දියමන්තිය ගැනීමේ දිගු මෙහෙයුමක් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් අරඹා ඇත.

අද සවස්  වනවිට එම දියමන්තිය මෙම චීන ජාතිකයාගේ උදරයේ කුඩා බඩවැලේ පවතින බව එක්ස්රේකිරණ පරීක්ෂණවලින්

පෙනී ගොස් ඇත. බණ්ඩානායක සම්මන්ත්ර්ණ ශාලාවේ පසුගිය 05 වැනිදා පැවැති මැණික් හා ස්වර්ණාභරණ අලෙවි ප්‍රදර්ශනයේදී මෙම චීන ජාතිකයා අලෙවි කුටියක දී එක්වරම දියමන්තියක් ගෙන ගිල දමා ඇත.


ඔහු එවෙලෙම පොලිස් අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය  පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. 

මේ වනවිට අවශ්‍ය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුවෙමින් තිබෙන බව කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා පවසයි.

මේ අතර මෙම චීන ජාතිකයා වාට්ටු අංක 23 ප්‍රතිකාර ලබමින් සිටී. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය වරයෙක් ප්‍රකාශ කළේ මොහුට මළපහ වන්නට බෙහෙත් ලබා දී එම මළ , පරීක්ෂණ සඳහා යොමු කරමින් පවතින බවයි.

මේ අතර අද (06) පස්වරුවේ කොළඹ අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවාගේ රෝගි තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 23 වෙත පැමිණියේය. දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මොහු රෝහලේ වෙනම කාමරයක රඳවා ඇත.




ආරම්භක දිනයේදී දියමන්තිය ගිලින ලද චීන ජාතිකයාගෙන් මේ වනවිටත් එම ගල එලියට ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔහු විසින් ගිල දමා තිබෙන්නේ ඔහු විසින්ම රැගෙන ආ වීදුරු ගලක් වන අතර ඔහු සමඟ පැමිණි අනෙක් චීන ජාතිකයා සැබෑ දියමන්තිය රැගෙන පලා ගොස් තිබෙනවා.

මුලින් උගුරේ හිරවී තිබූ ගිලින ලද වීදුරු ගල මේ වනවිට උදරයේ රැඳී ඇති අයුරු එක්ස් රේ මඟින් හෙළිවී තිබෙන අතර ඔහුගේ මලපහ මේ වනවිට 3 වතාවක්ම පොලීසිය විසින් පරීක්ෂා කළද තවමත් එය එලියට පැමිණ නැහැ.
පසුගිය 3 වනදා ලංකාවට පැමිණ ඇති මෙම චීන ජාතිකයා සතුව තවත් වීදුරු ගල් 8ක් සොයාගන තිබෙනවා.

ඔහු රැගෙන පැමිණි බෑගයේ පමණක් වටිනාකම රුපියල් ලක්ෂය එකහමාරක් පමණ වන අතර එවැනි වටිනා බෑගයක් රැගෙන පැමින ඇත්තේ ධනවතෙකි බව හැඟවීමට බවයි පොලීසිය පවසන්නේ. පලාගිය චීන ජාතිකයාට අමතරව තවත් චීන ජාතිකයින් 6 දෙනෙකු පැමිණ තිබෙනවා. ව්‍යාජ දියමන්තිය ගිල දැමුවේ ඇයි දැයි ප්‍රශ්න කලද ඔහු එයට තවමත් පිළිතුරු ලබාදී නැහැ.
 
Related Posts with Thumbnails