Ads 468x60px

.

ෆේස්බුක් වෙබ් අඩවියේ ෆාම්විල් TWO දැන් ඔබ අතට...

තරගකරුවන් අතර එකමුතුව සඳහා මෙහි වැඩි තැනක්...

මෙහි හඬවල් ද ස්වභාවික හඬවල් පදනම් කරගනිමින් සැකසී තියෙනවලු..

ෆේස්බුක් වෙබ් අඩවියේ වැඩිදෙනෙකු කාලය වැය කරන අංගයක් ලෙස අන්තර්ජාල කී‍්‍රඩා online gaming) දැක්විය හැක.ෆේස්බුක් හරහා නිරත විය හැකි මෙම කී‍්‍රඩා නිපදවන්නන් අතර ප‍්‍රමුඛස්ථානය ගන්නේ ෆාම්විල්, පෙට්විල්, කාසල්විල් වැනි කී‍්‍රඩා ගෙන ආ සින්ගා (Zynga) සමාගමයි.

සින්ගා සමාගමේ කී‍්‍රඩා අතුරින් විශාල ජනපි‍්‍රයත්වයක් ඉසිලීමට සමත් වූයේ ෆාම්විල් නම් ගොවිපලක්

පවත්වාගෙන යාමේ කී‍්‍රඩාවයි.වසර 1999 දී එළිදැක්වුණු මෙම කී‍්‍රඩාව සඳහා ලොවපුරා මිලියන ගණනක් එක්විය. කෙසේවෙතත්, අයිපෑඞ් හා ස්මාර්ට්ෆෝන් උපාංග භාවිතා කිරීම වැඩිවීමත් සමග පරිඝණක මගින් ෆේස්බුක් හරහා මෙම කී‍්‍රඩා වල නිරත වන පිරිස ද අඩුවිය.

මේ සමග සින්ගා සමාගමේ ආදායමට දැඩි ලෙස පහර වැදී තිබේ.මේ අනුව, සිය ජනපි‍්‍රයතම කී‍්‍රඩාවේ දෙවැනි කොටසක් ගෙන ඒමට සින්ගා සමාගම තීරණය කර තිබුණි.ෆාම්විල් 2 බිහිවන්නේ මේ ආකාරයෙනි.

ෆාම්විල් 2 පසුගිය බදාදා (අගෝස්තු 05) දින එළිදක්වනු ලැබිණි.ෆාම්විල් හි පැවති 2 රූ 3 රූ බවට පරිවර්තනය වී ඇති අතර, තරගයකට වඩා තරගකරුවන් අතර එකමුතුව සඳහා මෙහි වැඩි තැනක් ලැබේ.

මෙහි හඬවල් ද ස්වභාවික හඬවල් පදනම් කරගනිමින් සැකසී ඇතැයි පැවසේ.ෆේස්බුක් හා සින්ගා වෙබ්අඩවි හරහා ෆාම්විල් 2 කී‍්‍රඩාවේ නිරත විය හැක.

මෙම කී‍්‍රඩාව මගින් පෙර පැවති ප‍්‍රසිද්ධිය හා ලද ආදායම් මට්ටමට ළඟාවීමට හැකි වනු ඇතැයි සින්ගා සමාගම අපේක්ෂා කරන බව විදෙස් වාර්තා වල දැක්වේ.
 
Related Posts with Thumbnails