Ads 468x60px

.

ගෙවල් නැත්නම් ගෙවල් වදන්නද ? ඇමති විමල් රණවිරු මාතාවක් පන්නා ගනී...

ඇමතිවරයා මෙසේ බැණවැදී ඇත්තේ කාටද... 

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය පුතෙකුගේ මවකටයි...

ජන සෙවන' නිවාස දසලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ රණවිරු මාතාවකට ලබාදීමට නියමිතව තිබූ නිවස ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමට ගියා.  

මොහොතේ දී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට ගිය විටදී විමල් විරවංශ අමාත්‍යවරයා විසින් "ගෙවල් නැත්නම් ගෙවල් වදන්නදැයි " යනුවෙන් තමාට බැන වැදී පන්නා ගත්තා. බව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විජිතා කුමාරී නවරත්න මහත්මිය මෙසේ  ප්‍රකාශ කරයි.

ඇමතිවරයා විසින් බැණවැදී ඇත්තේ

රණවිරු මාතාවකටයි..

ඇය මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වැනි බලඇණියට අයත් සෙබළ 316608 කෝප්‍රල් පනාමල්දෙණිය නමැති තම පුතණුවන් 2009 පෙබරවාරි මස 22 වැනි දින මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මිය යෑමෙන් අනතුරුව තමන් වාසය කළ කුලී නිවසද අහිමි වූ බවයි.

තමන්ට පිහිටට සිටි පුතු අහිමිවීමෙන් පසු විවිධ දුෂ්කරතා මධ්‍යයේ දවස ගෙවමින් සිටි අතරතුර රණවිරු අධිකාරියෙන් නිවාසයක් ලබාදෙන බව දන්වමින් තමන්ට නිවාස ඇමතිවරයාගේ අත්සන සහිත ලිපියක් ලැබුනු බවද ඇය පවසන්නීය.

නමුත් මෙම ලිපිය ලද දින සිට සෑම මාසයකම පාහේ තමන් අමාත්‍යාංශ නිලධාරීන් හමුවූ බවත් වසර ගණනක් ගතවුවද තමන්ට නිවස ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් අවසානයේ මේ පිළිබඳව විමසීම සඳහා තමන් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමති විමල් වීරවංශ මහතා හමුවීමට ගිය මොහොතේ ‘‘නිවාස නැතිනම් නිවාස වදන්නද කියන්නේ‘‘ යැයි පවසමින් ඉතාමත් අපහාසාත්මක ලෙස තමන්ට බැණවැදුන බවත් ඇය විසින් වැඩිදුරටත් පවසා ඇත.

පුතා මියගිය පසු මාස්පතා ලැබෙන රුපියල් 3900 ක වන්දි මුදල හැරෙන්නට ඉන්න හිටින්නට නිවාසයක් හෝ ආදායම් මාර්ගයක් නොමැතිව විජිතා කුමාරි මහත්මිය අසරණව සිටි.නිවසක් ලබාගැනීමට කෙතරම් උත්සාහ දරුවත් අවසානයේ බැනුම් හා අපහාස විඳීමට සිදුවූ නිසා තමා කනගාටුවට පත්ව ඇති විජිතා කුමාරි මාතාව මාධ්‍යයට ප්‍රකාශකොට ඇත.

මේ පිළිබඳව අදහස් පලකරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමන්‍යය අධිකාරි ධර්ම ශ්‍රී කාරියවසම් පවසා තිබුනේ අමාත්‍යංශයට යාම මගින් නිවාස නොලැබෙන බවත් ඒ සඳහා ඇති ණය ක්‍රමය මගින් නිවාස තැනීමට කටයුතු කල යුතු බවයි.
 
Related Posts with Thumbnails