Ads 468x60px

.

ෆේස්බුක් - ඉන්ස්ටග‍්‍රෑම් මිලදී ගනී...

වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයක්...

ලොව ප‍්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් විසින් ඡායාරූප බෙදා හරින වෙබ්අඩවියක් වන ඉන්ස්ටග‍්‍රෑම් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ගණුදෙනුව සම්පූර්ණ වූ බව ඊයේ (06) දිනයේදී හෙළි විය.ෆේස්බුක් නිවේදනයක් මගින් ඉන්ස්ටග‍්‍රෑම් සම නිර්මාතෘ කෙවින් ස්ටයිස්ට්‍රෝම් පවසා ඇත්තේ නිල වශයෙන් ෆේස්බුක් පවුලට එකතුවීම පිළිබඳව සතුටින් ප‍්‍රකාශ කරන බවයි.

මෙම ගණුදෙනුව පිළිබඳව ෆේස්බුක් විසින්

පසුගිය අපේ‍්‍රල් මාසයේදී නිවේදනය කළ අතර, ඒ වන විට මෙම ගණුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, මැයි මාසයේදී පැවැත්වුනු ෆේස්බුක් මූලික කොටස් නිකුතුවෙන් අනතුරුව එම සමාගමේ කොටස් වටිනාකම ඉතා අඩු වූ අතර, මේ සමග ඉහත ගණුදෙනුවේ වටිනාකම ද ඇමෙරිකානු ඩොලර් මිලියන 715.3ක් දක්වා අඩුවූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

ෆේස්බුක් විසින් මේ ගණුදෙනුවේදී මුදලින් ඩොලර් මිලියන 300ක් හා ඉතිරිය කොටස් වලින් ද ගෙවා ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.මෙම ගණුදෙනුව සඳහා පසුගිය මාසය අවසානයේදී ඇමෙරිකානු බලධාරීන් ගේ අනුමැතිය ද හිමිවිය.

වසර 2010 දී ආරම්භ වූ ඉන්ස්ටග‍්‍රෑම් පහසුකම් ලොව පුරා මිලියන 50ක් පමණ භාවතා කරන බවත්, ලොව විශාලතම සමාගම් රැසක් විසින් ඉන්ස්ටග‍්‍රෑම් සිය අලෙවිකරණ කටයුතු සඳහා ද යොදාගන්නා බවත් පැවසේ.
 
Related Posts with Thumbnails