Ads 468x60px

.

අලුත්ම ස්මාට්ෆොනය හඳුන්වාදීමට ගොස් නොකියා දුරකථන සමාගම දැඩි ලැජ්ජාවට...

කැමරාකරු දර්ශනය රූපගත කරන්නේ, ස්මාට්ෆොනයෙන්  නොව SLR කැමරාවකින්...

මේ ව්‍යාජය පෙන්වාදීම හේතුවෙන් නොකියා සමාගම සමාව අයැදී...

තම අලුත්ම ස්මාට්ෆොන් වර්ගය වන 'ලුමියා 920' වෙළඳපොළට නිකුත් කිරීමත් සමග ප්‍රදර්ශනය කරන ලද වීඩියෝ දැන්වීමක් හේතුවෙන් ලෝ ප්‍රකට නොකියා දුරකථන සමාගම දැඩි ලැජ්ජාවට පත්ව තිබේ.

එහි අඩංගු වීඩියෝ දර්ශන එම ස්මාට්ෆෝන් දුරකථනයෙන් ලබාගත් ඒවා ලෙස හැ‍‍ඟෙන පරිදි රූගත කරනු ලැබ තිබිණි. ‍තරුණයෙක් හා තරුණියක් බයිසිකල් දෙකක යමින් සිටින අතර

තරුණයා නොකියා දුරකථනයකින් තරුණියගේ වීඩියෝ දර්ශන ලබාගන්නා ආකාරයක් එහි ඇතුළත් විය. 

දැන්වීම අවසානයේ වීඩියෝ දර්ශන බොඳවීමකින් තොරව දුරකථනයේ optical image stabilisation (OIS) විශේෂාංගය මගින් ලබා ගත හැකි බවටද මෙම දර්ශන උපුටා දක්වා තිබීම විශේෂත්වයක් විය.

කෙසේ වුවද දැන්වීමේ ඇතුලත් එක් ස්ථානයකදී පසුබිමේ පිහිටි ජනේලයක වීදුරුවෙන් එම වීඩියෝ දර්ශන ලබා ගන්නා කැමරාකරුගේ රූපය දිස්වේ. එහිදී ඔහු එම දර්ශනය රූපගත කරමින් සිටින්නේ, දුරකථනයකින් නොව SLR කැමරාවකිනි.

මාධ්‍ය මගින් මේ ව්‍යාජය පෙන්වාදීම හේතුවෙන් අපහසුතාවයට පත් නොකියා සමාගම සමාව අයැද තිබේ.




 
Related Posts with Thumbnails