Ads 468x60px

.

ඉදිරි දින තුනක කාලය අනිවාර්යයෙන්ම රට තුල ඩීසල් භූමිතෙල් , දැවිතෙල් හිඟයකට මුහුණපෑමට සිදුවනවා...

ඇත්ත කතාව පිරිපහදුවේ පිරිපහදු කටයුතු කිරීමට අවශ්‍ය බොරතෙල් සංස්ථාව සතු නොවීමයි...

පෙට්‍රල් සංචිත පවතින්නේද, මේ මස 15 වැනිදා වනතෙක් පමණයි...

මේ වනවිට බොරතෙල් මෙට්‍රික් ටොන් 125,000 ( එක්ලක්ෂ විසිපන්දහසක් ) රැගත් නැවක් පැමිණ තිබුනත් , බොරතෙල් ගොඩබෑමට උපයෝගී කරගන්නා බෝයාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය පිරිපහදු කරන ස්ථානවලට ලබාගැනීමට නොහැකි වී ඇත.

බොරතෙල් ගොඩබෑමට භාවිතා කරන බෝයාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නවතා දැමු බව පැවසුවත්,
එහි ඇත්ත කතාව අදාළ තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු කිරීමට අවශ්‍ය බොරතෙල් ඛණිජ තෙල් සංස්ථාව සතුව නොවීම බව ඛණිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සදහන් කළේය.

මේ නිසා ඉදිරි දින තුනක කාලයකින් පසු අනිවාර්යයෙන්ම රට තුල ඩීසල් භූමිතෙල් , දැවිතෙල් හිඟයකට මුහුණපෑමට සිදුවන බවද සදහන් කළේය. මීට අමතරව පෙට්‍රල් සංචිත පවතින්නේද, මේ මස 15 වැනිදා වනතෙක් පමණක් බවද ලේකම්වරයා සදහන් කළේය. 


බෝයාවේ අලුත්වැඩියා කටයුතු සිදුවන්නේද මන්දගාමී ස්වරුපයෙන් නිසා රට තුලට කවදා බොරතෙල් තොගය ගොඩබෑමට හැකිවේදැයි නිශ්චිත නැත. මීට අමතරව බෝයාවේ අලුත්වැඩියා කටයුතු අවසන් වුවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කලත්, ඒ තුලින් ඉන්ධන ලබාගත හැකි වන්නේ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කර දින තුනකට පසුව බවද සදහන් කළේය.


මේ පිළිබඳව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයෙන් කල විමසීමකදී එහි නිලධාරියෙකු සදහන් කලේ " දැනට බෝයාව අලුත් වැඩියා කටයුතු කරමින් සිටින බවය. එහෙත් බෝයව පිහිටා තිබෙන්නේ ගොඩබිමේ සිට කිලෝමීටර 9.5 ක් දුරිනි. මේ වනිවිට එම ප්‍රදේශයේ මුහුද යම් රළු වීමක් සිදුවන නිසා බෝයාවේ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවන බවත්ය". 


එහෙත් ලබන සෙනසුරාද වනවිට අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට හැකිබවද එම නිලධාරියා සදහන් කළේය. අලුත්වැඩියා කටයුතු පමා වුවත් රටට අවශ්‍ය තරම් ඉන්ධන සංචිත සංස්ථාව සතුව පවතින නිසා ඉන්ධන හිඟයක් කිසිවිටෙකත් ඇති නොවන බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
 
Related Posts with Thumbnails