Ads 468x60px

.

වසර හතක්‌ තිස්‌සේ වැසිකිළියක ජීවත් වන පවුලක්‌...

පසුගිය කාලයේ මෙහි වහළය ද කඩා වැටී ඇති අතර අසල්වැසියන් එකතුවී එය පිළිසකර කර දීලා...

ඇමැති විමල් වීරවංශගේ අවධානය යොමු වේවා..!

යස ඉසුරින් පිරි සුව පහසු මන්දිරවල සිට වරිච්චි ගැසූ කුඩා පැල්පත් දක්‌වා වූ විවිධ මට්‌ටමේ නිවෙස්‌වල ජීවත්වන මිනිස්‌සු අපට මේ සමාජයේ මුණගැසෙයි. ගහක්‌ උඩ තනාගත් පැල්පතක ජීවත් වන පවුල් පිළිබඳව ද පසුගිය කාලයේ මාධ්‍යය මගින් අපට දැකබලා ගත හැකි විය. එහෙත් පාවිච්චි කොට අත්හැර දමන ලද පරණ වැසිකිළියක ජීවත්වන පවුලක්‌ ඇතැයි කිව්වොත් ඔබ කිසිදා විශ්වාස නොකරනු ඇත.

එහෙත් ඔබත් මමත් පුදුමයට පත් කරවමින්

පැයක්‌ හමාරක්‌ දවසක්‌ දෙකක්‌ නොව වසර 7 ක්‌ තිස්‌සේ වැසිකිළියක ජීවත් වන දරු පවුලක්‌ පිළිබඳව අසන්නට ලැබිණි. ඒ පිළිබඳව සෙවීමට කඹුරුපිටිය රුහුණගම ගම්උදා භූමියට අපි ගියෙමු.

1991 ගම්උදා සංවත්සරය පැවැති රුහුණගම ගම්උදා භූමියේ එකල පාවිච්චි කර අත්හැර දැමූ අඩක්‌ කඩා වැටී ඇති මෙම වැසිකිළිය සිය නිවහන කරගත් අසරණ දරු පවුල අපට එහිදී දැකගත හැකි විය. සිය දරුවන් තිදෙනා සමග අසරණ මවත් මෙහි වසර 7 ක්‌ තිස්‌සේ දිවි ගෙවන්නේ ඔවුන්ට ජීවත්වීමට වෙන නිවසක්‌ නැති බැවිනි.

පසුගිය කාලයේ මෙහි වහළය ද කඩා වැටී ඇති අතර අසල්වැසියන් එකතුවී එය පිළිසකර කර දී ඇත. එහෙත් දැනටද එය කොයි මොහොතක කඩාවැටේදොaයි සැක සහිතය. මොවුන් මෙම ස්‌ථානයෙන් ඉවත්කර වෙනත්a සුදුසු ස්‌ථානයක පදිංචි කරවීමට කටයුතු කිරීම මහා පිංකමකි.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ හෝ අවධානය මේ කෙරෙහි යොමු වී ඔවුන්ට නිවසක්‌ තනාදීමට හැකි නම් කොතරම් අගේද? එහෙත් ඒ සඳහා ඔවුනට කියා ඉඩමක්‌ නැත. ඒ නිසා පරිත්‍යාගශීලීයකු හෝ වගකිවයුත්තන් මැදිහත්වී පර්චස්‌ කීපයක්‌ හෝ මොවුන්ට ලබාදෙන්නේ නම් එය පිංකමක්‌ ද වනු ඇත.

පාසල් යන දරුවන් තිදෙනෙකු සමග ඉඳහිට ලැබෙන කුලී වැඩක්‌ කර ජීවත්වන මේ දරු පවුලට උපකාරයක්‌ කිරීමට ඔබටත් හැකිනම් ඔවුන්ගේ ලිපිනය මෙසේය. රම්මම්බිගේ සුමනාවතී, අංක 02 රුහුණුගම ගම්උදාව, කරගොඩ උයන්ගොඩ. රුහුණුගම සමුපකාර ග්‍රාමීය බැංකුවේ ඇති 467 දරන ගිණුමට ඔබේ ආධාර යොමු කළ හැකිය.
 
Related Posts with Thumbnails