Ads 468x60px

.

රූපලාවන්‍ය ශිල්පිනියන්ගෙන් බෙහෙත් ගන්නේ බලාගෙනයි...

රූපලාවන්‍ය ශිල්පිනියන් කොණ්‌ඩය යනවාටත්, සමේ රෝගවලටත් බෙහෙත් දෙනවා.ඒක වැරැදි වැඩක්‌...

කෙනකු ගේ හිසේ කෙස්‌ යැම, පීනස වැනි සුළු ආබාධ පිළිකා තත්වයක්‌ විය හැකියි...

රෝගවලට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන්ට අයිත් කාර්යයක්‌ බවත්,  රූපලාවන්‍ය ශිල්පීන් රෝගවලට ප්‍රතිකාර නිර්දේශ කිරීම මහා විනාශයකට මුල පිරීමක්‌ බවත් බොරැල්ල ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එච්. තෙන්නකෝන් මහතා පවසයි.

"වර්තමානයේ රූපලාවන්‍ය ශිල්පිනියන්
කොණ්‌ඩය යනවාටත්, සමේ රෝගවලටත් බෙහෙත් දෙනවා. ඒක වැරැදි වැඩක්‌. කෙනකු ගේ හිසේ කෙස්‌ යැම, පීනස වැනි සුළු ආබාධ තත්වයක සිට පිළිකාවක්‌ වැනි සංකීර්ණ රෝගයක්‌ දක්‌වා සැම රෝගයක දී ම සිදු විය හැකි.'' යයි ද හෙතෙම සදහන් කරයි.

පසුගිය දා ආයුර්වේද වෛද්‍ය ආචාර්ය වෛද්‍ය භූෂණ්‌ මහේෂ් අතුරලිය මහතා විසින් ලියන ලද ආයුර්වේද රූපලාවන්‍ය හා පංචකල්‍යානය ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශනය පවත්වමින් වෛද්‍ය එච්. තෙන්නකෝන් මහතා එසේ පැවසිය.

 තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය තෙන්නකෝන් මහතා මෙසේද කිය.

'' බොහෝ දෙනා රූපලාවන්‍ය ගැන කථා කරන කොට කියන්නේ බාහිර රූපය රැකගැනීම කියලයි. බාහිර රූපයට පංච කල්‍යානය අයත් වෙනවා. පංච කල්‍යානයට ජචී කල්‍යානය, දන්ත කල්‍යානය, වයඃකල්‍යානය, කේශ කල්‍යානය සහ මාංශ කල්‍යානය අයත් වෙනවා.

රූපලාවන්‍ය ගැන සරලව කථා කිරීමේ දී මේ පංච කල්යානය ආරක්‌ෂා කර ගැනීම කියල කියන්න පුළුවන්. ආයුර්වේදයට අනුව රූප තුනක්‌ ගැන සඳහන් වෙනවා. ඒ රූප තුන බාහිර රූපය, අභ්‍යන්තර රූපය සහ රහස්‍ය රූපය කියලයි හඳුන්වන්නේ. බාහිර රූපයට පංච කල්‍යානය අයත් වෙනවා.

මේ පංච කල්‍යානයට අමතරව අපේ හැසිරීම් රටාව ද ඇතුළත් වෙනවා. මේ හැසිරීම් රටාවට අප ගේ කථාව, කථා කරන ස්‌වරූපය අයත් වෙනවා. ඒ අනුව අප ගේ බාහිර රූපය වෙනස්‌ වෙනවා. ඉඳගන්න ආකාරය, ගමන් බිමන වගේ ම ආහාර පාන ගන්නා ආකාරය අනුවත් අප ගේ බාහිර රූපයට වටිනාකමක්‌ ලැබෙනවා. 

පිරිසිදුකමත් මෙයට අයත්. මේ නිසා අපි නිතර ම කථා කරන පංච කල්‍යානයට අමතරව අප ගේ හැසිරීම, ගමන බිමන, පිරිසිදුකම වැනි කරුණු පිළිබඳ වත් බුද්ධිමත්ව සිතන්න ඕනේ. අද බොහෝ තරුණ කාන්තාවන් මේ කරුණු ගැන අමතක කර බාහිර රූපය රූප ලාවන්‍ය ක්‍රම මගින් ලස්‌සන වැඩි කර ගන්නයි හදන්නේ.

දෙවැන්න අභ්‍යන්තර රූපය. කෙනකු ගේ අභ්‍යන්තර රූපය තමයි මනස. ඕනෑ ම කෙනකුට අභ්‍යන්තර රූපයක්‌ තිබෙනවා. බාහිර රූපයෙන් දකින තැනැත්තා නෙමෙයි අභ්‍යන්තරයේ ඉන්නේ. අද අපට සතර වටින් අසන්න ලැබෙන්නේ ළමා අපචාර, මංකොල්ල කෑම්, මිනී මැරීම්, වැනි දේ. 

මේ දේ කරන පුද්ගලයන්ට ගැහැනු පිරිමි දෙකොටස අයත් වෙනවා. මොවුන් බොහෝ අවස්‌ථාවල දී ඉතා ම පියකරු අහිංසක ලෙස සමාජයේ බාහිර රූපයෙන් පෙනී සිටියත් අභ්‍යන්තර රූපයෙන් දූෂිත අයයි.

මේ නිසා රූපලාවන්‍යගාරයක්‌ තුළ සම සුදු කළත් කොණ්‌ඩය වර්ණ ගැන්නුවත් ලස්‌සන වෙන්නේ නෑ. කළ යුතු වන්නේ අප ගේ අභ්‍යන්තර රූපය ලස්‌සන කර ගැනීමයි. ආයුර්වේදයට අනුව අභ්‍යන්තර රූපය කොටස්‌ තුනකට බෙදෙනවා. ඒවා සත්ව, තමස්‌ සහ රජස්‌ ගුණය යනුවෙනුයි හඳින්වෙන්නේ. 

මෙයින් අපි ළඟ වැඩියෙන් තිබෙන්නේ රජස්‌ ගුණයයි. ඒ කියන්නේ කේන්ති යන ස්‌වභාවයයි. හොස්‌ස ළඟින් මැස්‌සා යන්න බැරි ගතිය කියල කිව්වොත් නිවැරැදියි. අපි රජස්‌ ගුණය නැති කර සත්ත්ව ගුණය වඩන්න උත්සාහ කරන්න ඕනේ.

පංච කල්‍යානයෙන් පිරිපුන් බාහිර රූපය වඩාත් ඔප්නැංවෙන්නේ අභ්‍යන්තර රූපය ඔප්නැංවුණොත් පමණයි. ඒ නිසා අපි කළ යුත්තේ බාහිර රූපයත් අභ්‍යන්තර රූපයත් වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීමයි. රූපලාවන්‍ය ශිල්පය කියන්නේ දවසකින් දෙකකින් ඉගෙන ගන්න කළ හැකි දෙයක්‌ නො වෙයි. ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙනවා." යයිද ඔහු  පැවසී ය.
 
Related Posts with Thumbnails