Ads 468x60px

.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්නට හිරුනිකාත් දැන් සන්ධාන වේදිකාවේ...

පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට අදහසක් නැතිලු...

පළාත් පාලන අයතන මැතිවරණයක දී ගිය වසරේ ඔක්තෝබර් කොළොන්නාවේ දී වෙඩි පහරින් මියගිය  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිඟුරක්ගොඩදී අද සන්ධාන මැතිවරණ වේදිකාවට ගොඩ වූවාය.

උතුරු මැද පළාත් සභාවේ පොළොන්නරුව දිසා අපේක්ෂකයනට සහාය දක්වමින් අදහස් දක්වමින් ඇය පැවැසුයේ පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට  තමන්ට කිසිදු අදහසක් නැති බවයි.

ඇය එසේ කීවේ ඇය සම්බන්ධයෙන්

පළවූ මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කරමිනි. තම පියාණන් ලේ වගුරුවමින් දහඩිය හළමින් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රැකගත යුතු බවත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතු බවත් කීවාය.

එහිදී ඇය මෙසේ පැවසූවාය..

"මම මේ දේශපාලන වේදිකාවක කතා කරන පළවෙනි අවස්ථාව. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංධානය වෙනුවෙන් කතා කරන පලවෙනි අවස්ථාව. පළවෙනියටම කියන්න ඕනේ මාව හරියටම මිනිස්සු අඳුරගන තියෙන්නේ මං ආන්ඩු විරෝධී කෙනෙක් විදිහට. එහෙම දෙයක් නෑ. මම හැමදාම වාමාංශික පවුලකින් පැවත එන කෙනෙක්.

මගේ තාත්තා ජීවිතේ දුන්නේ මේ පක්ෂය වෙනුවෙන්. කවදාවත් මේ පක්ෂය දාලා යන්නේ නෑ. මං හැමදාම මගේ තාත්තගේ මරණයට, මේ අසාධාරණයට හැමතැනම කෑගහපු කෙනෙක්. මම ඕනේ තැනක ඒ වෙනුවෙන් කතාකරනවා හැරෙන්න, ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මට අද උදෙත් ආරංචියක් ආවා ඒකබද්ධ විපක්ෂයක් හදන්න යනවා කියලා. නෑ...මට ඒකාබද්ධ විපක්ෂයක් හදන්න කිසිම උවමනාවක් නෑ මොකද මම මීට මාස කිහිපයකට කලින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කලා.

ශ්‍රී ලංකා මහජන පක්ෂය කියන්නේ මේ සංධානයේ තියන තවත් එක පක්ෂයක් මට කිසිම අවශ්‍යතාවයක් කෑ කිසිම තැනක විපක්ෂයක් හදන්න. කොහොමත් විපක්ෂයකට එකතු වෙලා කිසිම තේරුමකුත් නෑ."
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසාන කටයුතු අවස්ථාවේ හිරුණිකා විසින් කල කතාව මෙසේය

"මගේ පියා මේ වගේ අවාසනාවන්ත මරණයකට හිමිකම් කිව්වේ ඇත්ත කතාකරන්න ගිහිල්ලා. ඔයගොල්ලන් වෙනුවෙන් නිර්භීතව සටන් කරන්න ගිහිල්ලා. ඔබ වෙනුවෙන් ඒ නැඟී සිටි ඒ ලකී අයියා අද නිහඬ වෙලා. මේ කලගුණ දත් සියළු ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ ඒ නිර්භීත ජන නායකයා පෙන්නපු ඒ මාර්ගය අපි මේ මොහොතේ ඉඳලා ගමන් කරමු.

මගේ කතාව අවසන් කරන්න කලින් මේ ඇවිල්ලා ඉන්න ජනතාවගෙන් මම එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. මෙලෙස අවාසනාවන්ත ලෙස, අසාධාරන ලෙස මිලේච්ජ මිනීමරුවන් අතින් මැරුම් කාපු මගේ තාත්තා වෙනුවෙන් ඔයගොල්ලන්ට මොකක්ද කරන්න පුළුවන්? අපි නැඟී සිටිමු...!! ඒ ආදරණීය ජන නායකයා වෙනුවෙන් අපි නැඟී සිටිමු..!! ඒ ආදරණීය ලකී අයියා වෙනුවෙන් අපි නැඟී සිටිමු...!!

නැඟී සිටින්නැයි ඉල්ලූ හිරුණිකා අවසානයේ නැඟී සිටියේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමේ වේදිකාවටය. තම පියාගේ ඝාතකයන්ට ආරක්ෂාව දුන්, ඔවුන්ගෙන් කට උත්තරයක්වත් නොගෙන සුරතල් කළ, වරෙන්තුවක්වත් නිකුත් නොකළ ආණ්ඩුවේ වේදිකාවටමය. එහිදී ඇය "කට වහගන හිටියොතින් හොඳයි" යනුවෙන් ගීතයක්ද ගායනා කළාය.



-සම්බන්ධිත පුවත්-

ලුසී අක්කා සහ හිරුණිකා...

 
Related Posts with Thumbnails