Ads 468x60px

.

කරුණාකරලා ඔය පවුකාර වැඬේ නවත්තපල්ලා. කෝවිලේ දියුණුවට මම උදවු කරන්නම් - මර්වින්

බිලි පූජාව තියන්න තිබුනේ සැප්තැම්බර් පළමුවැනිදා...

කෙසේ හෝ අපි ඒ පවුකාර වැඬේ නැවැත්තුවා...

දැන් කෝවිලේ පූසාරි කියනවා 16 වනදා ඒක කරනවා කියලා...

හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ පැවැත්වෙන බිලි පුජාවලට මුවා වී කරන්නේ රුපියල් දෙදාහේ එළුවා බෙල්ල කපා මරා රුපියල් තිස් දහසකට විකිණීමේ ජාවාරමක් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

යළිත් එම කෝවිලේ බිලි පූජාව
සැප්තැම්බර් 16 වන දින පවත්වන බවට වන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.

‘සම්ප‍්‍රදායානුකූලව කෝවිලේ බිලි පූජාව තියන්න තිබුනේ සැප්තැම්බර් පළමුවැනිදා. කෙසේ හෝ අපි ඒ පවුකාර වැඬේ නැවැත්තුවා. දැන් කෝවිලේ පූසාරි කියනවා 16 වනදා ඒක කරනවා කියලා. සාම්ප‍්‍රදායික වශයෙන් පිළිගත් දිනය පසුවීමෙන් පසු සිදුකිරීමට සූදානම් වන මෙය මුදල් හම්බ කිරීම ඉලක්ක කරගත් බොරුවක්.

කාලි දේව මැණියෝ කියන්නේ කරතගම දෙවියන්ගෙ හා ගණ දෙවියන්ගෙ මෑණියො. එම දේව උත්තමයන් සතුන් මැරීම මස් අනුභවය ප‍්‍රතික්‍ෂෙප කරනවා.කරුණාකරලා ඔය පවුකාර වැඬේ නවත්තපල්ලා. කෝවිලේ දියුණුවට මම උදවු කරන්නම්.’ යයිද අමාත්‍යවරයා කියා සිටී.
 
Related Posts with Thumbnails