Ads 468x60px

.

මව්කිරි හිර වී අසාධ්‍ය තත්ත්වයෙන් ගෙන ගිය බිළිඳා ප්‍රතිකාර නොකරම ආපසු යවලා...

රෝහලේ කවුරුවත් දරුවා ගැන බැලුවේ නෑ...

හොස්‌ස ළඟින් මැස්‌ස ගියත් අසරණ රෝගීන් බිල්ලට ගෙන වැඩ වර්ජන කරන අප රටේ සෞඛ්‍ය සේව
යේ තවත් පහත් වැඩක්...

නියාගම ග්‍රාමීය රෝහලට මව්කිරි හිරවීම නිසා අසාධ්‍යව ගෙන ආ බිළිදකු ප්‍රතිකාර නොකර ආපසු හරවා යවා එම දරුවාගේ ජීවිතය අනතුරට ලක්‌කර ඇතැයි අදාළ රෝහලට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඉකුත් 18 වන දින මෙසේ රෝහලට ගෙනැවිත් ඇත්තේ දින පහළොවක්‌ වයසැති කුඩා දරුවෙකි. දරුවා රැගෙන එන අවස්‌ථාවේ රාජකාරි භාරව සිටි වෛද්‍යවරයා රෝහලෙන් බැහැරව සිටි නිසා මෙම තත්ත්වය උදා වී
තිබෙනවා.

නියාගම රෝහලට භාර නොගත් දරුවා

එම අවස්‌ථාවේදීම ත්‍රිරෝද රථයකින් ඇල්පිටිය මූලික රෝහලට රැගෙන විත් තිබෙනවා. මේ වනවිට දරුවාගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතත් අදාළ අවස්‌ථාවේදී රෝහල් කාර්ය මණ්‌ඩලය ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව ප්‍රදේශවාසීන් සිය කනස්‌සල්ල පළ කරනවා.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ දරුවාගේ මව වන නියාගම සමගි මාවතේ පදිංචි සුරේකා වසන්ති මහත්මිය මෙසේ කීවා. 

එදා හවස හයට විතර දරුවට කිරි හිරවෙලා හොඳටම අමාරු වුණා. ගමේ අය දරුවා උස්‌සගෙන රෝහලට අරගෙන යන කොට මගදී ත්‍රිවිල් එකක්‌ හමුවෙලා ඒකෙන් නියාගම රෝහලට අරන් ගියා.

ත්‍රිවිල් එකේ මල්ලි රෝහල ඇතුළතට ගිහින් සාත්තු සේවිකාවක්‌ එක්‌ක ගෙන ආවා. එයා කිව්වා දැන් දොස්‌තර කෙනෙක්‌ නැහැ. දොස්‌තර කෙනෙක්‌ කෝල් කරල ගෙන්නනකොට වෙලා යනවා ඒක හින්දා දරුවා ප්‍රයිවට්‌ තැනකට අරන් යන්න කියලා රෝහලේ කවුරුවත් දරුවා ගැන බැලුවෙ නැහැ. අපිට කර කියා ගන්න දෙයක්‌ නැති වුණා.

දරුවාගේ මිත්තනිය වන මානෙල් විතාන මහත්මිය
මෙසේ කීවා.
දරුව රෝහලට ගෙනිච්චෙ හොඳටම අමාරු වෙලා. එයා හුස්‌ම ගත්තෙ නැහැ. රෝහලේ කිසි කෙනෙක්‌ දරුවාට ප්‍රථමාධාරයක්‌ වත් කළේ නැහැ. අපි දරුවා ඉක්‌මනටම ප්‍රයිවට්‌ දොස්‌තර මහත්තයෙක්‌ ළඟට අරන් ගියා. ඒ දොස්‌තර මහත්තය දරුවා බලල ඇල්පිටිය රෝහලට යොමු කළා. ඇල්පිටිය රෝහලෙන් දරුවා භාර අරන් ප්‍රතිකාර කළා.

දරුවා රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියෑදුරු කේ. එච්. ජී. දමිත් මහතා 


මේ දරුවා අරගෙන ගියේ මගේ ත්‍රීවිල් එකෙන් රෝහල ඇතුළටම ත්‍රීවිල් එක අරන් ගියා. රෝහලේ දොස්‌තර කෙනෙක්‌ ඒ වෙලාවෙ හිටියෙ නැහැ. අනිත් අය කිසිම ප්‍රතිකාරයක්‌ කළෙත් නැහැ. මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕන.

අදාළ අවස්‌ථාවේ රෝහලේ රාජකාරි භාරව සිටි වෛද්‍යවරයා ගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉහළ නිලධාරීන්ගේ අවසරයක්‌ නොමැතිව මේ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවයි.

හොස්‌ස ළඟින් මැස්‌ස ගියත් අසරණ රෝගීන් බිල්ලට ගෙන වැඩ වර්ජන කරන අප රටේ සෞඛ්‍ය සේවය මෙවන් තත්ත්වයන් හමුවේ ගනු ලබන්නේ කුමන ක්‍රියා මාර්ගයක්‌ දැයි මහජනතාව දකුණු පළාත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති.
 
Related Posts with Thumbnails