Ads 468x60px

.

බයවෙන්න දෙයක් නෑ රතු වැස්ස සාමාන්‍ය දෙයක්ලු..

දකූණු ඉන්දීය කේරළ ප්‍රදේශයට මෙම රතූ වැස්ස නිතරම වහිනවලු...

ඇල්ගී පාසි වර්ගයක් වර්ධනය වී සුළඟට හා වැස්සට මිශ්‍ර වෙලා...

දිය ගොබයක් මගින් ජලකදම්භයක් ඉහලට ඇදී ගොස් නැවත ඇදහැලීමෙන් මෙහෙම වෙනවා...

පසුගිය දිනවල සෙවනගල සහ මොණරාගල ප්‍රදේශවලට ඇදහැළුනු රතූ වර්ෂාවට හේතූවු උල්කා වර්ෂාවක් නොතිබූ බවත් මේ සදහා මහජනතාවට බියවීමට කිසිඳු හේතුවක් නොමැති බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ දකූණු ඉන්දීය කේරළ ප්‍රදේශයට මෙම රතූ වැස්ස සුලබ දසුනක් බවටයි.

1896 වසරේ සිට මේ දක්වා වරින්වර කේළර ප්‍රදේශයට  රතු වැසි ඇතිවන අතර මෑතකදී ද එනම් 2012 ජූනි 28වනදා ද එවැනි වැස්සක් ඇති වු බවට වාර්තා වී තිබෙනවා.

ඉන්දියානු රජය නිල මට්ටමින් කල පර්යේෂන වලින් සොයාගෙන ඇත්තේ මුහුදු ආශ්‍රිතව ඇතිවන ඇලිගී වර්ගයකින් (හම්බන්තොට ලුනු ලේවායේ

ලවන සාන්ද්‍රන යමි මට්ටමකට වැඩිවූවිටද රත්පැහැයකින් දිස්වේ) සහ ගස්වල කදෙහි වැඩෙන ඇල්ගී පාසි වර්ගයක් වර්ධනය වී සුළඟට හා වැස්සට මුසුවීම මෙයට ප්‍රධානහේතු බවටයි.

මෙවන් ඇල්ගී සහිත ජලාශයක හෝ මුහුදු කොටසක  හටගන්නා දිය ගොබයක් මගින් ජලකදම්භයක් ඉහලට ඇදීගොස් නැවත ඇදහැලීමෙන්ද මෙවන් සිදුවීමක් විය හැකිය. සුළං රටා අධ්‍යයනයෙන් මෙහි ප්‍රභවය සොයා ගැනුමට ඉඩ ඇති බවත් ඒ සදහා සුළු කලක් ගතවන බවත්  මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර, රතු වැස්ස පිළිබඳව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවැත්වු පර්යේෂණවලට අනුව එම වතුරේ ක්ෂද්‍ර ජීව ක්‍රියාවලියක් තිබෙන බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

එම ජීවි කොටස බොහෝ විට ඇල්ගී හෝ දිලීරයෙක් විය හැකි බවට සැක මතුව ඇතැයි අමාත්‍යංශ උසස් නිළධාරියෙක් පැවසුවා.

මෙම ජීවි කොටස් නිවැරදිව හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ නැනෝ තාක්ෂණ ආයතනයට සහ කාර්මික තාක්ෂණ ආයතනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම සඳහන් කළා.


ලංකාවට එරෙහි පිටසක්‌වල ජීවී කුමන්ත්‍රණය...

ඇදැහැළණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ දැයි සැකයක්...

සෙවනගලට, මනම්පිටියට රතු වැසි - වහාම පරීක්ෂණ අරඹයි...
 
Related Posts with Thumbnails